Monday, November 5, 2012

රාවණාගේ දුන්න, බොරු ඇහැ සහ බලුමැක්කා




මම උදේ ඇහැරලා කොම්පීටරේ ලඟ වාඩි උනාම මොකද්දෝ 'පුසුඹක්' එනවා. මම කල්යාණි හඳුන්කූරු පත්තුකරන්නෙවත්, රාණි සඳුන් සබන් ගාල නාන්නෙවත් නැති නිසා මම බැලුවා මේක මේ කොහෙන්ද එන්නෙ කියලා. අත පොඩ්ඩක් මූණට ලං කරලා කටින් හුස්මක් ඇරලා බැලුවා මගෙ ජීවන සුවඳට කෙලවෙලාද කියලා. ම්ම්හු... අවුලක් නෑ, ඊයෙ රෑ බීපු කිරිවල සුවඳ තාම තියනවා. පොඩ්ඩක් හොයලා බලනකොටයි වැඩේ අහුවුනේ... දෙයියනේ මගේ බ්ලොග් එක පැත්තකින් පුස්කාලා නරක්වේගන එනවා. කවුද දන්නේ බ්ලොග් පාවිච්චි නොකර නිකං හිටියාම පුස් කනවා කියලා. ඉතින් පොඩ්ඩක් දූවිලි කුණු ගසලා, පුස් ටික කඩලා දාල, මකුළු දැල් පිහදාල එහෙම පටං ගත්තා මොනවා හරි ලියන්න.

බරපතල මාතෘකාවක් ආව ඔලුවට... "පූර්ණ නිදහස් වෙළඳපොල ආර්ථිකයක් යටතේ මතු විය හැකි සමාජ ගැටළු".... සෑහෙන වෙලා කල්පනා කරලත් කිසිම ගැටළුවක් හිතාගන්න බැරිවෙච්චි නිසා තව මාතෘකාවක් හිතුවා.

"අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය, දැනටමත් වළදැමීමට සූදානම් කර ඇති නීතියේ ආධිපත්‍යයේ මිනීපෙට්ටියට ගසන අවසාන ඇණයද?" ඔන්න, 'බික්ක' කිව්ව දෙයක් මතක් වෙනවා... 'ලංකාවෙ ප්‍රශ්න ගැන කතාකරන්න රට අතැරල ගිය උඹලට සදාචාරාත්මක අයිතියක් නැහැ'... සදාචාරය බල්ලට දාල අම්මප දෙකක් ලියන්න හිතෙනවා... ඒත්.... එක්කෝ ඕන්නෑ.

රාජ් තමයි ඔය වෙලාවේ පිහිටට ආවේ.... සූටි සූටි කතන්දර ටිකක්... ලේසියි, පහසුයි... කට්ටියත් කැමතිවෙයි. ඉතිං උගේ නවාතැනේ කොණක තිබ්බ පුංචි පොටෝ එකක් අරන්, පින්ට් කොරල, 'මලක්' තියල, දුං ටිකක් අල්ලල, පිං දීලා ලියන්න ගත්තා. හප්පේ දුං ටිකක් වැදුනාම තියන සනීපේ.....

-----------------------------------------------------------------------

ඔන්න දවසක්.. අර පාසල්වල හරියට වැඩ කෙරෙනවද කියලා බලන්න එන පරීක්ෂක මහත්තුරු ඉන්නේ.... ආන්න එයින් මහත්තයෙක් ගියාලු ඉස්කෝලෙකට. නිදිකිරා වැටි වැටි කොල්ලො ටිකක් හිටපු පංතියකට ගොඩවෙලා, ගුරුවරයාගෙන් පාඩං පොත ඉල්ලගෙන, එයාට එළියට යන්න කියලා ඇහුවලු ළමයින්ගෙන් ප්‍රශ්නයක්. කොහෙන්ද පිංවතුනි? පොතෙන් බොල පොතෙන්.

"රාවණා රජ්ජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද?"

දැන් ළමයි ටික පුල්හොල්මං.... ලේසිපාසු කේස් එකක්ද? කාගෙන්වත් උත්තරයක් නොලැබෙන නිසා, පරීක්සක මහත්තය ඉස්සරහ පේලියේ හිටපු කොල්ලෙක්ව නැගිටවලා ඇහුවලු..හ්ම්ම් කියනවා බලන්න... "රාවණා රජ්ජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද?"

ටික වෙලාවක් බලං හිටපු කොල්ලා එක පාරටම අඬ අඬා කියන්න ගත්තලු "අනේ සර්, මං නං ඕක කැඩුවේ නෑ... මං දන්නෙත් නෑ සර්" කියලා. පරීක්සක තුමාට දැන් මල.... ගුරුවරයට එන්න කියලා, කිව්වලු, "බලනව, මම මේ ලමයින්ගෙන් ඇහුවා 'රාවණා රජ්ජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද' කියල, මෙන්න මේකා අඬන්න හිටපි 'මම නං නෙමේය කියලා', මොකද්ද මේකෙ තේරුම, මෙහෙමද උගන්නනේ?" කියල. ගුරාට දැන් වැඩේට අප්සැට්... කොල්ලා දිහා පොඩ්ඩක් රවලා බලල... "මහත්තයා, මේකනේ... මුං ඔක්කොම මැරෑටියෝ... ඉගෙන ගන්න ආපු එවුන් නෙමෙයි. හැබැ‍යි, මේකා නම් දුන්නක් කැඩුවා කියලා හිතන්න අමාරුයි. පේන්නේ නැද්ද පඟරනැට්ටා වගේ... සර් මට විනාඩි 5 දෙන්න මම හොයලා දෙන්නම් ඕක කඩපු එකාව" කියලා කියපි.

පරීක්සක තුමාගේ මල දැන් කණෙන් බේරෙන සයිස්. දෙන්නං තොපිට හොඳ සබ්බුවක් කියලා, කෙලින්ම ගිහිං නැවතුනේ ප්‍රින්සිබල් ගාව. තාම කර්නල් පට්ටමක් නැහැ කියලා ප්‍රින්සිබල් ටිකක් අප්සැට් මූඩ් එකේ හිස් කොල වල අස්සන් කර කර ඉන්නවලු. "විදුහල්පතිතුමා, මම මේ අටේ පංතියකට ගිහින් ළමයින්ගෙන්... (ඉතිං විස්තරේ කිව්වලු ). ගුරුවරුත් මෙහෙම නං කොහොමද මේ ඉස්කෝලවල උගන්නන්නේ?" කියලා පෝඩ්ඩක් ලොකු සයිස් එකෙන් කිව්වලු. වෙන්ඩ කර්නල් ඉන්න ප්‍රින්සිබල්ට මෑන්ව එච්චර අල්ලලා නෑ, ඒත් ඉතිං රාජකාරිය කොරන්ට එපායෑ කියලා, මොකද්දෝ පයිල් කවරයක් අරං පෙරලගෙන, පෙරලගෙන, පෙරලගෙන, පෙරලගෙන ගිහින් එක පිටුවක නතර වෙලා.... අපිට තියනවා... වොලිබෝල 4ක්, ක්‍රිකට් ආම්පන්න, පුට් බෝල 2ක්, කවපෙත්තක්, යගුලි 2ක්, බැඩ්මින්ටන් සැට් එක නම් මම පරිස්සමට ගෙදර ගෙනිච්චා... හැබැයි, අපේ ඉස්කෝලෙ කවදාවත් දුන්නක් තිබිලා නෑ... ඕක මේ ඉස්කෝලේ වෙච්ච් දෙයක් වෙන්න බෑ පරීක්සක මහත්තය. මේ බලන්ඩකො මේ තියෙන්නෙ ලිස්ට් එක" කියලා දික් කලාලු ලිස්ට් එක.

පරීක්සකතුමා අඩි හප්පල නැගිට්ටෙ සැලියුට් ගහන්න කියලා වගේ පෙනුනත්, පුටුවත් පෙරලගෙන කඟවේනා වගේ නැගිටලා, මල අතේ අරං කෙලින්ම ගියාලු, කලාප අධ්‍යාපන කාර්යාලෙට. පලාත් අද්‍යාපන අධ්‍යක්ෂතුමා ගමනක් යන්න එලියට බහිනවලු.... ඒත් ප්‍රස්නේ බැරෑරුංකම ගැන හිතලා, පරීක්සකතුමා පස්සෙන් ගිහිල්ලා, පන්න පන්න විස්තරේ කිව්වලු. අධ්‍යක්ෂතුමාට ඉතිං සාවධානව අහං ඉඳලා ප්‍රස්නේ බැරෑරුංකොම තේරුං අරං, "සාමාන්‍යෙන් දුන්නක් කැඩුනාම, ඒ කැඩිච්ච කෑලි එවනකං අපි අලුත් දුන්නක් නිකුත් කරන්නෙ නෑ... දන්නවනේ, අපේ අය දුනු ගිලින හැටි. ඒත් මහත්තයව මං දන්නවනේ.... අර ගුණදාසට කියලා අදට දුන්නක් ඉල්ලගෙන යන්න, හෙට මතක් කරලා අර කැඩිච්ච කෑලි ටික අරං එන්න" කියලා වාහනේ නැගලා රූං ගාල ගියාලු. පරීක්සකතුමාට ඇඬෙන්න එනවලු.... ඇමතිතුමා හම්බවෙන්න යනවද කියලා කල්පනා කරලා හිතුනලු වැඩක් නෑ... අර මාලක මහත්තයවත් පත්වෙච්චි දවසක යනවා ඇරෙන්න දැං ඉන්න එකා ලඟට ගිහින් වැඩක් නෑ කියලා, ගෙදර ගියාලු.

ගෙදර ගිහිං හාන්සිපුටුවේ වැටිලා, ගෙදර උන්දා හදලා දීපු තේක බිබී පරීක්සකතුමා කල්පනා කරනවලු රටට ගිය කල. කාගෙන් බේරුනත් බැරිය නෝනාගෙන් බේරෙන්නට කිව්ව වගේ... නෝනාට වැඩේ තේරිලා ඇවිත් ඇහුවලු, "ඇයි අනේ ඔයා අද හනිමූන් හත අටකට යන්න තියන මනමාලයෙක් වගේ ඉන්නෙ" කියලා. රාජකාරි ප්‍රස්න නෝනා එක්ක කියන හොඳ නෑ කියලා දන්න පරීක්සක මහත්තයා කිව්වලු, නෑ මේ වෙන ප්‍රස්නයක් කියලා. ගෑනි හපෙන්න තියාගත්තලු "ඔයා තාම අරකිව හිතෙන් අහක් කරලා නෑ නේද? ඕකි ගැන නේද ඔය ඔච්චර හිතන්නේ, මම නම් ඉන්නෙ නෑ ලිඳේ පනිනවා" කියලා දුවන්න ගත්තලු ලිඳ පැත්තට. ගෑනි ලිඳට පැන්නොත් ලිඳ ඉහලා මිසක් ආයෙ පාවිච්චියට ගන්න බැරි බව මතක් වෙලා පරීක්සක තුමා බෝල්ටා වගේ දුවලා ගිහිං නෝනව අල්ලගෙන, "නෑ ගෑනියේ මේක මේ ඉස්කෝලෙක පුරස්නයක්" කියලා කිව්වලු. ඒත් ගෑණි විස්වාස කරන පාටක් නෑලු... ලිඳ බේරගන්න ඕන හින්දයි, ගෑණිටත් ඉතිං සෑහෙන්න අධ්‍යාපනයක් තියන හින්දයි පරීක්සක තුමා ඔන්නොහෙ කියලා සම්පූර්ණ කතාවම කියලා දැම්මලු.

ඔන්න දැන් පරීක්සක නෝනා කූල්ඩවුං වෙලා ආයෙමත් ගිහිං කුස්සියේ වැඩකටයුතු කරන්න ගත්තලු. පරීක්සකතුමත් හිටපු පුටුවම ඇවිත් ආයෙත් අර 'හනිමූන්' මූඩ් එක දාගත්තලු. ඔන්න බොලේ, ටිකකින් ඇතිලියකුත් බිඳගෙන ගෑණි දුවං ඇවිත් කිව්වලු.... "මට නං හිතෙන්නේ අර තක්කඩි කොල්ලම තමයි ඕක කඩන්න ඇත්තේ" කියලා. පරීක්සකතුමා ඒ පාර ලිඳ පැත්තට දිව්වේ බෝල්ටාගෙත් රැකෝඩ් එක කඩාගෙන කියලා තමයි පොත් පත් වල ලියවිලා තියන්නෙ ඕං.

-------------------------------------------------------------------------------

දැන් මේ කියන්න යන කතාවේ මනුස්සයාට තිබ්බේ එක ඇහැයිලු. එක ඇහෙන් ඇහැක් විදියට තමයි ඉතිං ජීවත්වෙලා තියෙන්නේ. බැලු බැල්මට ඇස් දෙකම තියනව වගේ පෙණුනට අනිත් එක බොරු ඇහැක්ලු. කොච්චර ඉස්තරම් බොරු ඇහැක් ද කියනවා නං ඇස් දෙක දිහා බලලා කෝකද බොරු, කෝකද ඇත්ත කියලා එකපාරට කියන්න ඇහැක් කෙනෙක් නෑල්ලු. දැන් ඉතින් රෑට නිදාගනන්කොට මේ මනුස්සයා බොරු ඇහැ එලියට අරන් වතුර වීදුරුවක දාලා තියනවලු 'ප්‍රෙස්නස්' එක තියාගන්න. අනික ඇඳේ එහෙමෙහෙ පෙරලෙනකොට ඕක ගැලවිලා වැටිලා බිඳුනොත් එහෙම...

දවසක් මුන්දැට හීනයක් පෙනිලා (හොඳ එක ඇහැක් තියන නිසා හීන දකින්න ඇහැක්ලු ) කෑගහගෙන, දාඩිය දාගෙන ඇහැරිලා අර වතුර එක සට සට ගාලා බීලා දැම්මලු. ආයෙ මොනවද, ඇහැත් ගිලිලා නේද කියලා මතක් උනේ පස්සෙලු.

ගැට්ට මාරු උනත් ලිඳට වැටිච්ච එකා එලියට එන්න ඕනෙ ලිං කටින්මයි කියලා හිතලා, මුන්දෑ ඉතින් වැඩිපුර බණ්ඩක්කා එහෙම කාල, පුක හොඳට සබන්දාලා  හෝදලා ලෑස්ති උනාලු. කරුමේ කියන්නේ පිංවතුනි... අගටම ඇවිත් ඕක හිර වුනාලු පුග්ගැට්ටේ. දන්න සෙල්ලං ඔක්කොම දාලා තැටමුවත් ඇහැ නෙමෙයිලු එලියට එන්නේ.

කොරන්නම දෙයක් නැති තැන, ඕන පුකක් කියලා ගියාලු පශ්චාත් බාග උපාධිදාරී දොස්තර මහත්තයෙක් ලඟට. හීනෙන් බය වෙච්ච කතාව කියන්න වෙන නිසා, අපේ කතානායකය ඇහැ ගැන විසේසයෙන් නොකියන්න හිතගෙන තමයි ගිහිං තියෙන්නේ. දැන් දෙබස යනවලු මෙහෙම;

"මොකද පුක?"

"මොකද්ද හිරවෙලා දොස්තර මහත්තයෝ... උදේ ඉඳන් දොට්ට පිලට යන්නත් බෑ."

"මොනවද අන්තිමට ඇතුලට දැම්මේ?"

"දැන් මාසෙකට විතර කලිං නං"

"නෑ නෑ... ඊයෙ පෙරේද"

"නෑ මහත්තයො"

"ඉතිං දුන්නද?"

"පුකද? නෑ මහත්තයෝ  මම දෙන ජාතියේ නෙමෙයි" කියද්දි තමයි දැකලා තියෙන්නේ දොස්තර ෆෝන් එක කනේ තියාගෙන ඉන්න බව.

"හරි මං එනකං දෙන්න එපා" කියලා ෆෝන් එක තියපු දොස්තර මහත්තයා "අපි ටිකක් බලමු, මොකද වෙලා තියෙන්නේ" කියලා පැත්තක තිබ්බ ඇඳ පෙන්නුවලු.

"කලිසම පාත් කරලා දණ ගහගන්නකො ඇඳේ".... ඒ වචන කලින් කවදාහරි අහල තියන බව මතක් උනත්, මේ වෙලාවේ ඕවට සුදුසු තැන නෙමෙයි නිසා ඔන්න අපේ කතානායක කිව්ව විදිහටම ඉන්නවලු... දොස්තර ඉතිං ග්ලවුස් එහෙම දාලා, ලයිට් එකත් ගහලා පොඩ්ඩක් ඈත් මෑත් කරලා බැලුවලු.

බුදු අම්මෝ කියලා කෑගහන සද්දෙටයි, වටේ පිටේ තිබ්බ බඩු පෙරලෙන සද්දෙටයි නර්ස් නෝනා දුවගෙන එනකොටත් අපේ පොර මොකද උනේ කියලා හොල්මන් වෙලා බලං ඉන්නවලු. යම්දෝ නොයම්දෝ කියලා හිතලා නර්ස් නෝනා නැවතුනත්, වැටිලා හිටිය දොස්තර දැක්කහම හිතුනලු තමං හිතපු ජාතියේ දෙයක් නෙමෙයි කියලා.

ඉතිං දෙන්නම එකතුවෙලා දොස්තරව නැගිට්ටවලා, වතුර ටිකක් හොයාගන්න බැරි තැන, ටෙස්ට් කරලා ඉවර වෙච්චි මූත්‍රා සාම්පලයකින් ටිකක් මූණේ ගානකොට දොස්තරට සිහිය ආවලු. දැන් අපේ කතානායකට මාර බයයිලු, තමන්ට මොකක් හරි දරුණු ලෙඩක් කියලා. "අනේ ඇ‍යි දොස්තර මහත්තයා, මොකද්ද ප්‍රස්නේ?" කියලා බයෙන්ම ඇහුවලු. තාම අඩ සිහියෙන් වගේ හිටපු දොස්තර මහත්තයා යාන්තම් වචන ගලපගෙන මෙහෙම කිව්වලු.

"මං..... දැන් අවුරුදු..... 21 තිස්සේ.... පුකවල් බලනවා... අයිසේ..... ඒත්.. ඒත් අද තමයි... ඉස්සෙල්ලාම.. පුකක් මගෙ දිහා බැලුවෙ".

------------------------------------------------------------------

යන්න කලින් මෙන්න තවත් සූටි කතාවක්....

බලු මැක්කෙක්, තව බලු මැක්කෙකුගෙන් මෙහෙම ඇහුවලු.... "මචං, පයිංම යනවද? නැත්නං බල්ලෙක් එනකං ඉම්මුද?"

------------------------------------------------------------------

ප.ලි

1. හිනාවීම හෝ නොවීම පාඨකයා සතු වගකීමක් වන අතර හිනා නොයන කේස් වලට කතෘ වගකියනු නොලැබේ.

2. ආච්චීගේ අදහස් සහ ප්‍රකාශ උන්දෑගේ අනුමැතියකින් තොරව පලකිරීම මට තහනම් කර තිබේ. එම නිසා ආච්චි පිලිබඳව අද විස්තර පල නොවේ.

3. 'පිංවතුනි' යන වචනය භාවිතය මාරයාගේ උදහසට හේතුවිය හැකි බැවින්, මං බලධාරියා විසින් කපාහරින ලදී.

71 comments:

  1. සිරා මචන්.

    මමනම් අහලා තියෙන්නේ රාවණාගේ දුන්න නෙමෙයි, කව්සිළුමිණේ කතාව.

    ReplyDelete
    Replies
    1. මම අහලා නෑනේ මචං ඒ කතාව.

      Delete
  2. අඩෝ මේ වගේ ආතල් එකපාරටම දෙන්න එපා බන් හිනාවෙලා මැරුණා. නියම ලියවිල්ල මචෝ කියන්න වදන් නෑ..

    ඇත්තට පෝස්ට් දෙක්ක් දාන්න තිබුනා.. පට්ට මචං පට්ට.. මම මේක සින්ඩියේ එල්ලන්නම්

    ReplyDelete
    Replies
    1. අඩේ මාතලං ගොයියා... මම බැලුවා අම්බානට පේජ් වීව්ස් මොකද කියාලා... බැලින්නම් උඹැහැ වර්ණනාවකුත් එක්ක සින්ඩියේ එල්ලලා නොවැ... තන්කූයි වෙන්න ඕනෙ හොඳේ... ඒක නෙමෙයි... මේ කතා තුනම පිය උරුමයෙන් ආපුවා... අපේ තාත්තා නියම කතා කියන්නෙක්.... මේ ඔය පොඩ්ඩක් සප්පායම්වෙලා එහෙම යාලුවන්ට කියනකොට මම අහුලගත්ත ඒවා... තව දෙන්නම්කෝ ඉදිරියට

      Delete
    2. එළම තමා. ඔය කතා තුනම මම දැන් ගත්තෙත් (උඹේ කාලෝචිත සංශෝධන නැතුව ) අපේ තාත්තගෙන්. ඒත් ආයෙත් හිනා ගියේ නෑ කියන එකනම් බොරු.

      Delete
  3. එළ කිරි... දොස්තරයා අම්බානක බය වෙච්චි විදිය නිකං චිත්තරපටියේ වගේ පේනවා බං

    ReplyDelete
    Replies
    1. පුක දොස්තර දිහා බලන සීන් එක මවාගන්න බලපං :D

      Delete
  4. එළ!
    අඩෝ මගේ නවාතැන උඹ කොහොමද ඕස්ට්‍රේලියාවට ගෙනිච්චෙ? :)

    ReplyDelete
    Replies
    1. මං දන්නෙත් නේ බං... මම උඹේ බ්ලොගේ අරිනකොට ඔහොම තමයි ඇරෙන්නේ... ලින්කුවත් වැඩ කරනවා.... මෙහෙ ඉඳලා අරින ඔක්කොම ඔහොමද දන්නේ නෑ...

      Delete
  5. හි හී....මට නම් හිනා හොඳටම....දොස්තරගෙ කතාව තමා නියම...හි හී

    ReplyDelete
    Replies
    1. මමත් ඕක මුලින් අහපු සැරේ උන්හිටි තැන් මතක නැතුව හිනා...

      Delete
  6. පිස්සු හැදෙන සඳ. යකෝ හිනා වෙලා මැරෙයි..කියවන එවුන් ...ඔෆිස් එකේ බොහොම අමාරුවෙන් හිනාව හිරකරගෙන හිටියේ ...

    ReplyDelete
    Replies
    1. උඹේ සෙනෙහෙලතා සීන් එකටත් මට උනේ ඕකමයි...

      Delete
  7. මරු බං...............

    ReplyDelete
    Replies
    1. තන්කූ බං... නිකං ඉන්නැතුව ලියපං මොනා හරි..

      Delete
  8. ලේ ටිකක් පිරිසිදු කරගත්තා :)

    ReplyDelete
  9. හෙහ් හෙහ් හෙහ් එලස් මචෝ :)))))))))

    ReplyDelete
  10. මාතලන් ලොක්ක කියල තිබුන වගේම හරියට හරි.ලිපිය හක හක ගගා කියවද්දී,එහාපැත්තෙ පාඩම් කර කර හිටපු පුතා අහනවා මොකක්ද තාත්ති ඔච්චර රසවත් දේ ස්ක්‍රීන් එක ස්ප්‍රේ කර කර කියවන්නේ කියල.මාතලන්ට පළමුව ස්තුති කරනව අප නොදකින අහුමුලුවලට යාමට මග පෙන්වීම ගැන.දෙවනුව,තිසර ට.මෙය කියෙව්වම චන්ද්‍ර අනගිරත්නල තාමත් ලියනවද කියල හිතුන.ජය!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත තමයි... මම ලඟදි පටන් ගත්තේ... තාම වැඩිය වැඩ දාන්න දන්නෙ නෑ... මාතලං, පේට්‍රියට්, හිරු, සිත්තමී සහ තවත් අය සෑහෙන උදව්කලා මේක ප්‍රමෝට් කරන්න... මාතලං ගොයියා අපරාදේ කියන්න බෑ.. උන්නැහේට අල්ලලා යන දෙයක් දැක්කොත්, ලොකු පොඩිකම් නොබලා සප් එක දෙනවා.

      චන්ද්‍ර අනගිරත්නගේ අම්මා ගැන කවි පංතියක් තියනවා... නිකමට වගේ දවසක ඒකත් දාන්නම්කෝ...

      Delete
  11. හයියෝ.... තිසරටත් කොහෙ හරි මුල්ලක තියලා හොඳ හොඳ කතා තමයි අහුවෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අහු මුලු වල තමා හොඳ හොඳ කතා තියෙන්නේ... හිරුවට වැඩිය හිනා ගිහින් නෑ වගේ....

      Delete
  12. //...ගෑනි ලිඳට පැන්නොත් ලිඳ ඉහලා මිසක් ආයෙ පාවිච්චියට ගන්න බැරි බව මතක් වෙලා...//

    හෙහ් හෙහ් එල මචෝ එල....

    ජයවේවා!!

    ReplyDelete
  13. Replies
    1. නම දැක්කහම බය හිතෙනවා.. ඒත් හිනාවෙනවනම් ඕකේ.

      Delete
  14. රාවණගේ දුන්න නොවේ බොලං , ගුත්තිලගේ වීණාවේ තත් කැඩුවේ කවුද කියලයි මම අහලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඕකත් ඔය එක එක පාලාත අනුව වෙනස් වෙන එක්ක වෙන්ටැ.

      Delete
  15. අම්ම ගහයි .. මේ මටනං හිතෙන්නේ.. ඔය පරික්ෂකයම තමයි ඕක කඩන්න ඇත්තේ අනිවා .. එල කතා සෙට් එකම එල අ ආ

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... මටත් දැන් එහෙම හිතෙනවා

      Delete
  16. හික්ස්..... මරු කතා ටික......

    ReplyDelete
  17. මේ දුන්න කැඩීම ගැන සඳහන් වෙන්නේ රාමායණයෙ. නමුත් කැඩුවෙ රාවණාගෙ දුන්න නොවෙයි, ජනක රජ තුමාගෙ (සීතාගෙ පියාගේ) දුන්න. රාම කුමාරය තමයි කැඩුවෙ!

    ReplyDelete
    Replies
    1. අහ්... එහෙමද.... ඒ කියන්නේ ප්‍රශ්නය එහෙම් පිටින්ම වැරදියි... මම නම් නෙමෙයි ඔන්න පරීක්සක තුමා තමයි ඇහුවේ...

      හරි විස්තරේ දුන්නට තන්කූ..

      Delete
  18. නියමයි කථාව.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගයනි.

      Delete
  19. මාරු කතා සැට් එක තිසර....
    http://chithula.blogspot.com/

    ReplyDelete
  20. කථා දෙකම කලින් හොදට අහල තිබුනා..ඒත් බොලේ මෙහෙම් ආතල් එකක් දැනුනේ නෑ කාලේකින්...කථා දෙකම කලින් හොදට අහල තිබුනා..ඒත් බොලේ මෙහෙම් ආතල් එකක් දැනුනේ නෑ කාලේකින්...

    ReplyDelete
    Replies
    1. දෙපාරක් කියලා තියෙන්නෙ, දෙපාරක්ම කියවලා වෙන්ටැ...

      Delete
  21. මාලන්ගේ ඔත්තුවකට ආවේ පුකේ රහ මැරිලා ඉවරයි ඉතින්
    බන් එද්දිම..හැබැයි අර බලු මැක්කාගේ එකට නම් බකස් ගාල හිනා
    ගියා ලොවෙත් නැතුව..මන් කලින් වෙන තැනක දාපු පොඩි ජංගි
    කතාවකුත් තියෙනවා.ඒකත් ඕන පුකක් ප්‍රීති වෙසක් කියල දාන්න
    හිතයි මට..

    තව දෙයක් හොරෙන් ඇවිත් යෑම ගැන මාගේ විරෝදය ...

    ReplyDelete
    Replies
    1. හොරෙන් ඇවිත් යාම?

      Delete
    2. ///හොරෙන් ඇවිත් යාම?///
      ඔබගේ පා සටහන් මා නිවසට එන විට තිබෙනු දුටුවා...

      Delete
    3. එහෙමත් හොයන්න පුලුවන්ද? ඔච්චර දේවල් කරන්න පුළුවන් එකේ ඇනෝ කොමෙන්ට්ස් දාන්නෙ කවුද කියලත් හොයන්න පුලුවන් වෙන්ට එපෑ.. මම ආයෙ එන්නංකෝ එහෙනම්...

      Delete
    4. තිසර නිකන් රෝමෙට කතා කරන්නේ කියල පැහැදිලියි.
      ඔව් හොයන්න පුළුවන් , අවශ්‍ය අය වෙනුවෙන් ඒ දේ කරල
      දීලත් තියෙනවා.( me langadith oya gana watuna post ehekata
      man pudgalikawa prathichara dakwoowa)
      පස්සේ අනුන්ගේ පවුල් කඩන්න බැරි නිසා
      ඒ දේ සදාචාරය නිසා කරන්නේ නැහැ .
      ඒ දේ වැරදි අය අතට පත් උනොත් කෙනෙක්ගේ මුළු පුද්ගලිකත්වයම
      එලි කරන්න පුළුවන්.එයාගේ ,නිවස , tower එක ,පරිගණක වල
      තොරතුරු සියල්ල, බැංකු වාර්තා, පසු ගිය හැසිරීම් , වැඩිපුර යන
      සයිට් ,යවපු මේල් , ( සියලුම ඩේටා පැකට් ) ගැලවීමක් නැහැ එයාගේ හැසිරීම් අඳුන ගත්තට පස්සේ ආයේ එයා වෙන ස්වාරූපෙකින්
      ආවත් වැඩක් නැහැ..

      Delete
    5. රෝමෙට කිව්වෙ? රෝංග් ද? නැහැ නැහැ එහෙම එකක් නැහැ... එහෙම බ්ලොගකට ඇවිත් ගියත් දැනගන්න පුළුවන් කියලා මම දැනන් හිටියේ නැහැ... මම ඉතින් බැලුවේ එහෙම හොයාගන්න පුළුවන් නම් ඇනෝ ඇවිත් කොමෙන්ට්ස් දාන අය හොයාගන්න පුළුවන් වෙන්න ඔනේ කියන එක විතරයි... මගේ කොමෙන්ටුවේ ස්මයිලි ෆේස් නැති නිසා අර විදිහට හිතුනද දන්නෙ නෑ. ඇනෝ ඇවිත් බනලා යන එක ගැන කතාවක් පහුගිය දවස් වල ඇති උනානේ, කතන්දරගේ බ්ලොගයෙත් දැන් කොමෙන්ට් මොඩරේට් කරන්නෙ ඒකනෙ. මම බැලුවේ එහෙම හොයාගන්න පුළුවන් නම්, ඔය කොමෙන්ට්ස් දාන අය හෙළි කරන්න පුලුවන්නේ.. ඔච්චර විස්තර ඕනේ නැහැ.. අඩුම ගානේ එයාට ප්‍රොෆයිල් එකක් තියනවා නම් ඒ නම වගේ.. මොකද ඇනෝ කොමෙන්ට්ස් දාන ගොඩක් අය ප්‍රොෆයිල් තියන අය කියලා පෙනෙන්නට තියන නිසා..

      Delete
    6. ජනවාරි 4 වෙනිදා හරියට හවස 6 ට (local zone change ගැන මට
      කරන්න දෙයක් නැහැ ) ඔබ ඉන්නා කාන්තාරයේ සිට එක් වරක්
      පිවිසියා , උඩින් පල්ලෙන් මු මොනවද ලියන්නේ කියල බැලුව , කැපුන .

      ඊට පස්සේ 11 ට ආසන්නව ( 11.46.23 ) 7 වෙනිදාත් පොස්ට් එක
      විතරක් බැලුව , කැපුනා G reader එකෙන් ඇවිත්.
      අද හැසිරීම් කියන්න ඕනේ නැහැනේ ...

      Delete
    7. ඇවිත් කැපෙන්න හේතු... මම ලියලා ඇති උඹේ බ්ලොග් එකේ...

      Delete
  22. හැක් මන් දැක්ක , ඒ වගේම උත්තරත් සටහන්
    කරා.මචන් මේකයි මේ රෙද්දේ බ්ලොග් හින්ද මුලින්ම
    අපි ඩිංගක් වත් ආරෝවක් ඇති කරගන්න ඕනේ නැහැ.
    මොකද ඕන තරම් විරුද්ද මත තියෙන අය මෙහෙම දේවල් වලදී
    මුණ ගැහෙනවා.ඒ නිසා මගේ නිදහස ඔබගේ නාසයේ අගින්
    අහවරයි .ඕකයි මගේ ක්‍රමේ .ඒ නිසා ඕන පුකක් ප්‍රීති වෙසක් ..

    අනිත් දේ මේ ඇනෝ කමෙන්ට් , මන් ජීවිතේට නොහිතපු
    අතිශයින්ම වැදගත් ( ජෝක් නෙවේ සිරාවටම ) විදිහට ඉන්න
    කෙනෙක් ඇනෝ දාල තිබ්බා .පස්සේ දැක්කම මෙන්න මුන් දෙන්න
    ප්‍රොෆයිල් වලින් හරි යාලුයි ..ඔන්න ඕකයි ඇත්ත මේ ඇනෝ
    සෙල්ලමේ.ඒ නිසා ඕව හොයා ගැනීමෙන් පලක් නැහැ .අනිත් දේ
    මචන් ගොඩක් දෙනා ඇනෝ දාන්නේ එයාගේ ස්ටයිල් එකෙන් නෙවේ.
    වෙන කෙනෙක්ගේ ස්ටයිල් එකෙන්.උදාහරණයක් පින්වතුනි යන්න .

    මේක නිකන් බොරුවට හිනා වෙන රඟහලක් තිසර.
    එකම දේ තමයි , අපි හැමෝම බොරුවක් කරන නිසා
    ඇත්තට කිසි කෙනෙක් එක්ක තරහ වෙලා වැඩක් නැහැ.
    මැරුවත් මු බොරුවටනේ මාව මැරුවේ කියල හිත හදාගන්න
    තියෙන්නේ බැරිම බැරි ගාතේ හරි...

    ReplyDelete
  23. anith de ayi me approval dala ..
    man kunuharapayak kiwwoth methana eke
    prashne enne mata.nathnam blog himiyata newene bn.

    ReplyDelete
    Replies
    1. දවස් 14 වඩා පරණ පෝස්ට් වලට විතරයි අදාල... ඒ කොමෙන්ට් නොදැක මගහැරෙයි කියලා එහෙම කරලා තියෙන්නෙ...

      Delete

  24. machan meka methana danne uba aaye mage bloge paththa palathe
    enne nathi wewi kiyala hithena nisaa..

    රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)
    **************************************************************
    නැහැ මචන් තේරුම් ගනින් ප්ලීස් මචෝ මන් උබට දොසක් කිව්වා නෙවේ..
    මේ බලපන් උබේ කමෙන්ට් එකක් ..

    /////විධායකය, වැඩිම මුදල් ගැවසෙන අමාත්‍යාංශ, ආරක්ෂක අමාත්‍යධූරය සහ ආරක්ෂක ලේකම්ධූරය, ව්‍යවස්ථාදායකයේ භාරකාරත්වය (කථානායකධූරය ) එකම පවුලකට සීමා වීම තමයි මම දකින බිහිසුණු තත්වය. දැන් අගවිනිසුරුධූරයට හෙන්චයියෙක් පත්කරගත් කල, බිහිසුනු බවේ උපරිමයට ළඟාවෙයි.//////

    මචන් උබ උබේ දේශපාලන දැනුම බින්දුවයි කිව්වා නේද ? උබටත් හොදම හොඳ දැනුමක්
    තියෙනවා..උබ ඒකෙන් මන් කියන දේ තේරුම් ගත්තා ඉතාම නිවැරදිව..උබේ මේ කමෙන්ට් එකේ
    වචන ටිකෙන් ඒක නෙවේද පැහැදිලි වෙන්නේ..?
    මන් නොකියා කිව්වෙත් ඔය බලතල ටික , ටික ටික එකතු කරගෙන යන එක ගැනම
    නෙවේද මචෝ...?

    ඒ තියෙද්දිත් උබ කියනවා අපැහැදිලිලු... මට නොතේරෙන්නේ ඒක ..
    ඔතන මන් quote කරපු උබේ කමෙන්ට් කෑල්ලෙන් උබ මේ මන් කියන දේ 100%
    නිවැරදිව grab කරා කියන දේ පැහැදිලිනේ මචන්...


    ////ඔබට ඔබගේ පාඩුවේ කැමති අයත් එක්ක/////

    //මගේ කොමෙන්ටුව ඔබගේ පෝස්ටුවේ වැරදි සෙවීම යැයි ඔබට සිතීම ගැන නැවතත් කණගාටු වෙමි....////

    මෙහෙම කොහොම වත් හිතන්න එපා මචන්..එහෙනම් බලපන් හිරු
    පහු ගිය පෝස්ට් එකේ මගෙන් අහල තිබ්බ ප්‍රශ්න කන්දරාව ?
    එතනදී මන් කිව්වද අනේ හිරු දන්නේ නැත්නම් කියවන්නැතුව ඉන්න
    කියල ? ( හැබැයි මෙතැනදී කෙනෙක් ඇනෝ ඇවිත් හිරුට දෙයක් කියල
    තිබ්බ. එහෙම ආව කෙනා ගැන තමයි මන් උබට අද උබේ බ්ලොග් එකෙත්
    කිව්වේ , මතකනේ. පස්සේ එයාම ඒක කිව්වා.අවශ්‍ය නම් පෙන්නන්නම් , නමුත්
    ඒක දැඩි ලෙස කෙනෙක්ව අපහසුවයට පත් කිරීමක් )

    එයාගේ හැම ප්‍රශ්නෙකටම මන් උත්තර දුන්න , කිසිම දෙයක් මග නොහැර .
    ඒ වගේම මන් උත්තර දෙන විදිහ නිසා හිත් රිදවීමක් වෙනවා නම් සමාවත්
    ඉල්ලුවා .මොකද මන් කතා කරද්දී දැඩි ලෙස අනික් අය හිත් රිදවීම් වලට
    ලක් වෙන බව දන්නවා , ඒකමයි මන් මගේ සමහර වෘති වලින් ඉවත්
    උනෙත් කොච්චර ඒ දේවල් වලින් මන් ඉහලට ගියත්.මුදල් වලට
    මිනිස්සුන්ගේ ආත්මය එක්ක සෙල්ලම් කරන්න මන් කැමති නැහැ.
    ඒ නිසා කවදාවත් හිතන්න එපා මචන් මන් මේ ලොරි ටෝක් දෙනවා කියල..
    උබටම තේරෙනවා ඇති අධිකරණය ගැන කතා කරද්දී කුණුහරපයක් කිව්වත්
    වෙන දේ ? මතකනේ පාර්ලිමේන්තු සාමාජිකයෙක් " ___ මුඛ " යනුවෙන් කියල
    වෙච්ච දේ ?

    ඒ වගේ මෙතනත් "අනේ #ත්තේ ##කරණය , උබට ඕක ලොකු උනාට අපිට
    නෑ " කිව්වොත් කොහොමද ?

    අන්න ඒකයි මන් බොහොම පරිස්සමෙන් ලියන්නේ..එහෙම නැති තැන් වල
    මන් නිදහසේ වචන use කරලා තියෙනවා..
    ඒ නිසා ඉතාම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා අර විදිහට හිතන්න එපා.


    මචන් ඉතාම යටහත් පහත්ව තව දෙයක් කියන්නම් , මන් ගොඩක් වෙලාවට
    එක්කෝ ඕනේ නැහැ ..ඒක කිව්වොත් උබ පට්ට අවුල් යනවා...

    නැවත කියන්නේ මේ දේ නිසා හිත් රිදවීමක් උනා නම් දැඩි ලෙස
    සමාව ඉල්ලනවා බාල සහෝදරයෙක් විදිහට .
    *************************************************************

    ReplyDelete
  25. පුකේ කතාව තමා කථාව....
    හම්බේ තාම හිනා වෙනවා...

    ReplyDelete
  26. දුන්න රාවණාගේ නෙමේ මචෝ සීතා ගේ අප්පුච්චා ජනක ගේ.. මැක්කෝ දෙන්නගේ ස්ටොරිය නම් ෆට්ට!

    ReplyDelete
  27. කතා ටික ඔක්කොම කලින් අහලා තිබ්බාට , රසයේ අඩුවක් දැනුනේ නැ , රසම රසට ලියලා තිබුන හන්දා ,

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද බං උඹ මේකට පාර හොයා ගත්තේ... පට්ට පරණයිනෙ.

      Delete
  28. තිසරයෝ ලියපන් අලුත් පෝස්ට් එකක් ...

    ReplyDelete
    Replies
    1. නෑනෙ බං ලියන්න දෙයක්..

      Delete
    2. මම දවසක් තිසරට දුන්නා මාතෘකා කීපයක්... ඒ ටික මතකද ..?මෙන්න මේ ටික ගැනත් හිතලා බලන්න..

      01.වර්තමාන බ්ලොග් අවකාශයේ ගමන් මග.
      02.මුදල් මත මැවෙන ලෝකය.
      03.කලාකාරයෙකුගේ රෑ යහන ( නිදි යහනේ මවන රූ රටා ) මන් කිව්වේ මීළඟ නිරමාණය ගැන මවන සිහින ගැන හරිය ..?
      04.නිමේෂයක අගය.
      05.මව් අහිමි දරුවෝ.


      සුදුසු එකක් අරන් ලියන්න බලන්න...හරිම ආසයි තිසරගේ නිර්මාණයක් දකින්න..

      Delete
    3. බොහොම ස්තූතියි සහන් දිරිමත් කිරීමට.... මම යමක් ලියන්න බලන්නම්කෝ.... බ්ලොග් එකක් කියවලා ඉඳලා හිටලා කොමෙන්ට් එකක් දාලා යනවට වඩා දෙයක් කරන්න තියන වෙලාව අවමයි.

      Delete