Thursday, November 15, 2012

මේ ලොව යම් කිසිවෙකු... මා හට පෙම් කල බව..



මිනිස්සු විවාහ වෙන්නේ ඇයි? ඇය අසයි. ඇයට පිළිතුරක්ද ලැබෙයි.

ඒ ඇය බලාපොරොත්තු වූ පිළිතුර නොවන නිසා ඇයම ප්රශ්නයට පිළිතුරු සපයයි.

අපි විවාහ වෙන්නේ අපේ ජීවිතයට සාක්ෂිකාරයෙක් ඕනේ නිසා. මේ ලෝකේ මිනිස්සු බිලියන ගණනක් ඉන්නවා, එතනින් එක ජීවිතයක ඇති වැදගත්කම මොකද්ද? ඒත් විවාහයකදී, අනෙකාගේ ජීවිතේ හැම දෙයකදිම ලඟින් ඉන්න අපි පොරොන්දු වෙනවා. හොඳ දේවල්, නරක දේවල්, සාමාන්ය දේවල්, හැමදේම... හැම වෙලාවෙම…. හැමදාම. අපි අනෙකාට දෙන පණිවිඩේ තමයි 'ඔයාගේ ජීවිතේ කාගේවත් අවධානයට ලක් නොවී ගෙවෙන්නෙ නෑ, මොකද ඔයාගේ ජීවිතේ මගේ අවධානයට ලක් වෙන නිසා, ඔයාගේ ජීවිතේ කිසිකෙනෙක් නොදැකම ගෙවෙන්නෙ නෑ, ඒ ජීවිතය දකින්න මම ඉන්න නිසා.

මේ දෙබස ඇතුලත් වෙන්නේ  Shall we Dance චිත්රපටියේ.

ඇයි අපි බ්ලොග් ලියන්නේ? මට හිතෙනවා අර කලින් පිලිතුර තුළම ඒකටත් උත්තරේ තියනවා කියලා.

යමක් කමක් හිතන්න පුළුවන් හැමෝටම ජීවිතේ එක කාලෙකදි යම්කිසි තනිකමක් දැනෙනවා කියල මට හිතෙනවා. මේක භෞතිකව දැනෙන තනිකමක්ම නෙමෙයි. මිතුරු ඇසුරෙන්, ප්රේම සම්බන්ධයකින්, විවාහයකින් හැමවෙලේම මේ තනිකම නැතිකරන්න බැහැ. මේ තනිකම ඇතිවෙන්නේ තමන්ගේ සිතුවිලිම, තමන්ගේ අදහස්ම, තමන්ගේ මතවාදම දරන තවත් අය ලෝකෙ කොහේ හරි ඉන්නවද කියන සිතුවිල්ල එක්කයි. ඇපි හැම වෙලේම තමන්ට සමානයෙක් හොයාගෙන යනවා. තමන්ගේ සිතුවිලි තවකෙක් තුලින් දකින්න උත්සහකරනවා. තමන්ගේ අදහස් බෙදාහදාගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවද කියලා හොයනවා.

සමහර වෙලාවට, තමන්ගේ අදහස්, සංකල්පනා සියල්ල සම මට්ටමෙන් බෙදාගැනීමේ හැකියාව විවාහ වූ යුවලකට නැහැ. විවාහයකට ඒක අත්යාවශ්ය කාරණයක් නෙවෙයි. විවාහයකදී අපි බලාපොරොත්තු වෙන්නේ එකට ජීවත්වීම තුල එකිනෙකාට අපි දක්වන ආදරය, අවධානය සහ අනෙකාගේ ජීවිතය පිළිබඳ අපට ඇති අවබෝධය. එතැනදි, මම කියවන පොතක ඇති අදහස්, මතවාද ඒ අයුරින්ම මගේ බිරිඳ තේරුම්ගැනීමට වඩා වැදගත් වෙන්නේ මම පොත් පත් කියවන්න කැමති බවත්, සමහර විට මොනවගේ පොත්පත්ද කියන දේ ඇය තේරුම් ගැනීමයි. සොඳුරු සිත බ්ලොගේ තිබ්බ නිර්මාංශ කතාව වගේ.... සැමියා නිර්මාංශ වූ පමණින් බිරිඳත් නිර්මාංශී වීම නොවෙයි, දෙදෙනාගේ ප්රියතාවයන් ගැන දෙදෙනා තේරුම්ගැනීමයි විවාහයකදී විය යුත්තේ.

නැවතත් ප්රධාන මාතෘකාවට....

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගේ ලඟ තනියට එනු මැනවී
මගේ ලඟ තනියට එනු මැනවී....

ස්ත්රී පුරුෂ ප්රේමය මුල්කරගෙන ලියැවුණත්, මේ ගීයෙන් කියවෙන සත්යය සහෘදත්වය පිළිබඳවත් වලංගුයි කියලා මම හිතන්නේ. කවදාහරි මරණයෙන් අවසන් වෙන අපේ ජීවිතය, කිසිවෙකු නොදන්නා, කිසිවෙකුට මතක නැති තවත් නිකම්ම නිකම් ජීවිතයක් වෙයිද කියන බය හැමවෙලාවෙම අප තුල තියනවා. ඉතින් අපි අපේ ජීවිත තව කෙනෙකුට වැදගත්, තව කෙනෙකුට මතක තියන ජීවිතයක් කරන්න උත්සහ ගන්නවා, සමහර විට එහෙම කරනවා කියන සම්පූර්ණ අවබෝධයන් නෙමෙයි. ඉතින් අපි බ්ලොග් ලියනවා. අපිට හිතෙන්නේ අපි දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදාගන්නවා කියන සිතුවිල්ලයි. නමුත් අපි අවංකව තව ටිකක් හිතුවොත්, ඇත්තටම අපි කරන්නේ, අපි කියන කරන දේ දකින, ඒ ගැන අවධානයෙන් ඉන්න සහෘදයන් පිරිසක් එකතු කර ගැනීම නොවේද?

"සමහර විට මට කියලා යන්න බැරි වෙයි..හිටි හැටියේ නොකියම යන්න වෙයි මට...  ඒ හින්දා කල් ඇතිවම කියලා තියෙන එක හොඳයි... හැමෝටම ආයුබෝවන්...! "

මේ ලඟදී දවසක බ්ලොග් අවකාශයේ පහුකරගෙන යන්න අපහසුවක් දැනුන වචන පේළියක්... මම කියන්න උත්සහ කරන දේ මේ වචන කීපය ඇතුලේ තියනවා කියලා මට හිතෙනවා. තමන්ගේ මරණය අපේ එදිනෙදා ජීවිතයේ නිතර කතාබහ කරන මතෘකාවක් නොවුනාට, අපි කියන කරන දෑ වල මරණය කෙරෙහි අපේ ආකල්ප සැඟවිලා තියනවා.

මට සමාවෙන්න....

මේක නැවත කියවාගෙන යනකොට, මම අසාධාරණ විදිහට 'මගේ' ආකල්ප තුලින් 'අපි' කරන දේ වටහාගන්න උත්සහ කරල තියන බව මට හිතෙනවා. හැමෝම බ්ලොග් ලියන්නේ මම මේ කියන හේතුව නිසාම නොවෙන්න පුළුවන්. නමුත් ඇපි හැමෝගෙම බ්ලොග් යටින් පොදුවේ දිවෙන්නේ මේ හේතුව කියලා හිතන්න මම කැමතියි. එහෙම හිතනකොට, යම් සැහැල්ලුවක් දැනෙන නිසා, මං වගේ තවත් අය ඉන්නවා කියලා දැනෙන නිසා.

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි

මහගමසේකරයන්ගේ පෑන් තුඩෙන් ලියැවුන මේ ගීතයේ ආරම්භක පද පෙලත් එක්ක මම නවතින්නම්. මොහොතකටවත්, මගේ තනිකම නැති කරන්න හරි, ඔබේ තනිකම නැති කරගන්න හරි ඕනේ නම් පහල සුදු පාට කොටුවක් ඇති... මතක සටහනක් තියලා යන්න.



ප.ලි.
නිතරම ලිපි පල නොකලත්, නිතරම කොමෙන්ට් දාන්න බ්ලොග් වල ඇවිදින නිසා, මම තෙසතියක විරාමයක් ගන්නවා කියලා කියල යන එක හොඳයි කියල හිතුනා.

38 comments:

  1. ///එතැනදි, මම කියවන පොතක ඇති අදහස්, මතවාද ඒ අයුරින්ම මගේ බිරිඳ තේරුම්ගැනීමට වඩා වැදගත් වෙන්නේ මම පොත් පත් කියවන්න කැමති බවත්, සමහර විට මොනවගේ පොත්පත්ද කියන දේ ඇය තේරුම් ගැනීමයි. ////

    +++++

    මම වෙන මුකුත් කියන්නේ නෑ.. තිසර හැමදේම කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙමයි කියමුකෝ...

      Delete
  2. ඔන්න මතක සටහන් තිබ්බා...

    ReplyDelete
  3. උඹ ඔච්චර තෙපර බෑවේ සති තුනේ විරාමයට යන්නද? අඩෝ මේ මොන වදයක්ද සමහර උං වහල දානව, නොකියම යනවා, කවියක් තියල යනවා, දැං තෝ සති තුනකට යනවලු. බොට හොද සම්බල් ටිකක් දෙන්ට හිතෙනවා මේ වගේ මැරෑටි වැඩ කොරනවට.. හරි හරි ගිහිං වරෙං මොකක් හරි කෙංගෙඩියක් හින්දනේ. අපි බලං ඉන්නේ තෝ වැඩ පටන්ගන්නකං හරිය... ආයිබෝ තිසරයා.

    ReplyDelete
    Replies
    1. ආයිබෝ කිව්ව.... ඔන්න ගිහිනුත් ආවා.... වැඩ පටන් ගන්නකං බලං ඉන්නව කිව්වහම මම බැලුවේ... පටාං ගන්නවද නැද්ද කියලා... බ්ලොග් රස දැනිලා මටත් එකක් ඕනේ කියලා අටව ගත්තට ලියන්න මාර කම්මැලියි.... එහෙ මෙහෙ ඇවිදලා කොමෙන්ට් ටිකක් දාන එක තරම් ගතියක් නැහැ....

      Delete
  4. තිසර කියලා තියෙන දේ ගැන මම මොනතරමක් හිතනවද කියලා තිසර දන්නවානම්....

    ( ආ..ඔයා සති දෙකක විරාමයක් ගද්දී..මමත් සති දෙකක් විරාමයක් ගත්තා..ඔෆීසියෙන්. හැබැයි ඉතින් ගෙදර ඉඳන් හදිසි වැඩ කරන්නත් වෙනවා.. මේ දවස්වල කෙල්ල විභාගයකට අර අදිනවා...ඔන්න පටලවා ගන්න එහෙම එපා...විවාහයකට එහෙම නෙමේ...විභාගයකට...)

    ReplyDelete
    Replies
    1. ඔබ වගේම මමත් මේ පොස්ටුවෙන් අන්ද මන්ද වුණා. එළියට පේන්න බ්ලොග් ලියන හේතු දාහක් විතර පෙන්නන්න පුළුවන්. ඒත් කොහේදො තියන රික්තකයක් පුරවන්න තමයි මේවා කරන්නේ කියලා තමයි අවසානයට කියන්න වෙන්නේ.
      විවාහයට වඩා හොඳයි විභාගය.

      Delete
    2. නලින් කියලා තියනවා වගේ... ජීවිතේ යම් කිසි රික්තයක් පුරවන්න තමයි ගොඩක් අය බ්ලොග් ලියන්නෙ කියල මට හිතෙන්නේ... ඒ රික්තය ඉතින් විවිධාකාර වෙන්න පුළුවන්. විවාහයත් ලොකු විභාගයක් තමයි.... ළිහිණිට දැන් ඒ විභාගෙටත් ලියන්න කාලේ හරි නේද? :D

      Delete
  5. සති තුනක විරාමෙකට ඉක්මනට ගිහින් ඉක්මනින් වරෙන් මචං .. ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්න පුළුවන්..(උඹේ වචන ගැලපිල්ලට මම හෙන කැමතියි මචන්.)

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ගිහින් ඉක්මනින් ආවා... උඹත් ලස්සනට ගලපලා කොමෙන්ට් කරලා තියෙන්නේ... මාරයත් ළඟදි මේ ගැන කතා කල නිසා ආයෙත් මළවුන්ගේ අවුරුදු දා කියවන්න හිතෙනවා...

      Delete
  6. නෙදන්නා යමක් දැන ගත්තා
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් බොහොම සතුටුයි....

      Delete
  7. අම්මට හුදු.. සිරාම සිරා කතාව

    ReplyDelete
    Replies
    1. තන්කූ සුදු මහත්තයා මෙහෙ ආවට

      Delete
  8. ඔන්න මට කියන්න තියන දේ මම ළිහිණිගේ කමෙන්ට් එකට උත්තරයක් විදියට දැම්මා.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. දැක්කා.... අපි හේතු ගොඩක් හදාගන්න හැදුවට... යටින්ම තියම ලොකුම හේතුව ඒ රික්තය තමයි නේද?

      Delete
  9. හ්ම්ම්ම්...........................
    (මේ ගැන තව තවත් සිතමින්......)

    ReplyDelete
    Replies
    1. හප්පේ සති දෙක තුනත් ගෙවිලා ගියා... තාමත් හිතනවද?...

      Delete
  10. අපූරුවට සිත්ගන්න අයුරින් ලියල තියෙනවා.
    http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එහෙමයි කෝරලේ මහත්තයා

      Delete
  11. දිගටම ලියන්න මම එනවා බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... මාත් උඹේ අත පිච්චුන කතාවේ මග ඇරිච්ච කොටස් කියෝනවා...

      Delete
  12. බ්ලොගට එන්නෙ නැතුව කාර්‍යය බහුල හිටපු කාලයත් ඊට පස්සේ විවේකී බව එක්ක ඇති වුන තනි වුනා කියන හැගීමටත් තිසර කොමාවක් තිබ්බා. නිවාඩුවක් ගනිං. එනකං මේක බලන්නං.

    ReplyDelete
    Replies
    1. ඒත් බැලුවා මොකද සද්ද නැත්තේ කියලා... මම නං ඔන්න නිවාඩුවක් ගත්තා... උඹ කෙසේ වෙතත් උඹේ බ්ලොගේ නම් ලොකූ නිවාඩුවක් අරං වගේ පේන්නෙ...

      Delete
  13. ආදරේ ගැන කතා කරන එක නම් මට දුකක් මේ දවස්වල

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. දුකම කොයි තරම් සතුටක්දෝ....

      Delete
  14. අම්මෝ ..අමුතු කතාවක් කියල තියෙන්නේ..කොහොම නමුත් කතාව ඇත්ත !අදමයි මෙහෙට ආවේ ඔන්න .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇවිත් කොමෙන්ටුවක් දාලා ගියාට...

      Delete
  15. අද තමයි මං රඟහල පැත්තෙ ආවෙ. ඒ ඇවිත් කියවපු මේ ලිපිය මටත් ගොඩක් සමීපයි කියල දැනුන.
    ඉස්සර වෙලාම විවාහය ගැන ඔයා ලියල තිබුන දේ ගැන කතා කලොත් කියන්න තියෙන්නෙ //විවාහයකදී අපි බලාපොරොත්තු වෙන්නේ එකට ජීවත්වීම තුල එකිනෙකාට අපි දක්වන ආදරය, අවධානය සහ අනෙකාගේ ජීවිතය පිළිබඳ අපට ඇති අවබෝධය//කියල ඔයා කියන කතාවට මාත් එකඟයි කියල තමයි. ඒ වගේම අපි එතනදි බලාපොරොත්තු වෙනව අපි තනි වෙලා නෑ කියන හැඟීම හිතට ඇතුල් කර ගන්න. ජීවිතේ දුක සතුට ප්‍රශ්න බෙදා ගන්න කෙනෙක් ඉන්නව කියල හිතන්න.

    එතකොට අපි බ්ලොග් ලියන්නෙත් ජීවිතේ අපිට දැනෙන තනිකම ටිකක් නැති කරගන්න. අපිට දැනෙන දේවල් ඒ විදිහට දැනෙන පිරිසක් එක්ක ඒ හැඟීම් බෙදා ගන්න. ඉතින් මට හිතෙන්නෙ "බ්ලොග්" කියල කියන්නෙ, සමාජයේ තනි නොවී අපේ අදහස් වලට යම් තාක් දුරකට හරි සමාන අදහස් තියෙන අය අඳුරගෙන ඒ අයත් එක්ක අදහස් හුවමාරු කරගන්න මිනිස්සු හොයාගත්ත තවත් එක ක්‍රමයක් කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් Chams, බ්ලොග් ලිවිල්ලෙදි, අපි ගොඩක් වෙලාවට කරන්නෙ අපේ අදහස් උදහස් කෙලින්ම ප්‍රකාශ කිරීමක් නිසා, සාමාන්‍ය ජීවිතයෙදි මුණ ගහෙන මිනිස්සුන්ව තේරුම් ගන්නවට වඩා බ්ලොග් කරුවෙක්ව තේරුම් ගන්න එක ටිකක් පහසුයි. ඒ නිසා, තමන්ට සමීප අදහස් දරන්නෙක් සොයාගැනීම බ්ලොග් ලෝකෙදි ටිකක් පහසුයි.

      Delete
  16. මොකක් හරි 'අමර' ටෝක් එකක් දෙන්නෙයි කියල බැලුවේ. ඒත් මේක කියෝල අහවර උනහම අදහස් නිකං සීතල ගල් ගෙඩියක් බවට පත් උනා.
    මහිතන්නෙ සයිකොලොජිය එලියට ආවාම මටම ලජ්ජා හිතුනද.

    විවාහය කියන්නේ මරන සහතිකයක්..
    බ්ලොග් කියන්නේ මිනිවල උඩ හදන සිහිවටනය..

    මලා

    ReplyDelete
  17. දහසක් ඉපැදී මිය යන ලෝකේ
    මම ද මියෙන්නට උපන්නෙක්මි
    මා මළ බව මුළු ලොවට දැනෙන්නට
    මිය යන්නට මා පෙරුම් පුරන්නෙමි
    (උපුටා ගැනීම - නන්දා මාලනී FB පිටු‍වෙන්)

    ReplyDelete
  18. ඔබ බොහෝ කලෙකින් ලියා නැහැ. අඩවියට සමු දුන්නාද?
    -------------------------
    තිසරටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  19. ඇයි මේ වෙනස....
    මා කලින් මෙම පෝස්ටුවේම කොමන්ට් යොදා ඇත්තේ දෙසැම්බර් 31 (2012)
    අදත් එසේමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මලා, මම බ්ලොග් අඩවිය ගැන දක්වන සැලකිල්ල ඒකෙන්ම පේනවා නේද :)... බොහොම ස්තූතියි, මේ අවුරුද්දේ නැවත ලියන්න උත්සාහ කරන්නම්...

      Delete