Thursday, March 7, 2013

චාරයක් නැති ඡායාරූප



මම කලින් දවසක කිව්වනේ මම බ්ලොග් ලියන නිසා ගමේ සෑහෙන පිළිගැනීමක් තියනවා කියලා. ඉතිං දැන් කීප දවසක ඉඳන් මග තොටේ හමුවෙන අය අහනවා ඇයි දැන් බ්ලොග් එක ලියන්නෙ නැත්තේ කියලා. මට අසාධාරණයක් උනාද අහනවා, ඉහලින් ආපු බලපෑමක් ද කියලා අහනවා, කලකිරීමක් ද කියලා අහනවා, තව එක්කෙනෙක් ඇහුවා අර ශ්‍රේෂ්ට ලේඛකයන්ට ඇතිවෙන "writer's block" හැදිලද කියලා.

නෑ ආයුබොවන්ඩ... මම ලියනවා... හැබැයි මගේ බ්ලොගේ නෙමෙයි, අනිත් අයගේ බ්ලොග් වල. ඔන්න ඕක තමයි හේතුව. වෙලාවකට මට හිතෙනවා මට හරියන්නෙ 'විචාරක' වගේ නමක් කියලා.. දැන් ඉන්නේ ක්‍රීඩා
විචාරකයෝ, සිනමා විචාරකයෝ, දේශපාලන විචාරකයෝ, ආ තව ඉන්නේ මධ්‍යස්ථ විචාරකයෝ කියලා කස්ටියක්, කවදාවත් දැකල මුණගැහිලා නම් නෑ.. ඒත් එයාලා කියපුවා හරියට පත්තර වල යනවා "... මධ්‍යස්ථ විචාරකයෝ පවසති" කියලා. දැන් ඔය විචාරකයෝ කියන්නේ අනිත් අය මොනව හරි කරනකං බලං ඉඳලා ඒක ගැන කතා බහ කරන කස්ටියක්නේ.

එක අතකිං කියන්න පුලුවන් හරිම අසාර්ථක ජාතියක් කියලා, මොකෝ අනිත් මිනිස්සු මොනවත් නොකලොත් කරන්න දෙයක් නැතිව බකංනිලං ඉන්න වෙනවා, මොකද විචාරය කරන්න දෙයක් නැහැනෙ. තව අතකිං හරිම පරාර්ථකාමී මිනිස්සු, අනිත් අය කරන වැඩවල අඩුපාඩු, හොඳ නරක හොයලා, එයාලට ඊට වඩා හොඳ දේවල් කරන්න පොළඹවනව. පවූ....

දැන් ඔයාලාගෙ විචාරය, මම විචාරය ගැන විචාරයක් ඉදිරිපත් කරනවා කියලද? එහෙනං ඒක කිසි චාරයක් නැති විචාරයක්. මං ආවෙ වෙන වැඩකට. මේ කාලේ විචාරයට එච්චර සුදුසු කාලයක් නෙවෙයි. කොටින්ම මේ කාලේ 'සුනේත්‍රා'වක්.

මේක මං හිතල මතලා කරන වැඩක් වගේ පෙනුනට, එහෙමමත් නෑ. පහුගිය කලේ කස්ටිය ලේසියට පොටෝ දාල ගේම ගෙනිච්චනෙ. ඒක ආදර්ශයට අරං මාත් පොටෝ ටිකක් දාන්න හිතුවා. ඔන්න එහෙනං.....



#1 
2012 ලැබීම
 (මේක ගන්න කාපු කට්ටක්)

#2
සුළඟට සැලෙනා...

#3
පානදුර වෙරල

#4
කම්බියේ කුරුල්ලා

#5
මූණේ හිනාවක් නැති බල්ලා

#6
සොයා පිළිසරණක්
(මට හිතුනේ නිකං අපෙන් උදව් ඉල්ලනවා වගේ කියලා)

#7
පිපෙන්නට පෙර

#8
කොළ කන දළබුවා

#9
මානෙල් 

 #10
බෙන්තොට හඳ

#11
දළදා මාළිගාව

#12
හුරුබුහුටි කොලු පැට්ටෙක්

#13
නිසල විල

#14
තාරාවෝ පාවෙති

#15
නමක් නොදන්නා මලක්

#16
ලැවැන්ඩර්

#17
දැකුළු මල්


ප.ලි.
  • මේ ෆොටෝ ඔක්කොම වගේ ගත්තේ FujiFilm FinePix s5000 කැමරාවකින් සහ Canon PowerShot SX1 IS කැමරාවකින්. Canon කැමරාවේ මිල සාපේක්ෂව අධික උනත් FujiFilm කැමරාවට වඩා ලොකු වෙනසක් ෆොටෝ වල තිබ්බෙ නෑ. FujiFilm හරිම user friendly ලාබ කැමරාවක්. එක සෑහෙන හොඳයි, මම මේ අරං තියෙන්නෙත් maximum resolution දාලා නෙවෙයි. දෙකම Compact Digital ජාතියේ.
  • ෆොටෝ ටික වටේ කලු බෝඩරයක් දැම්මේ චන්දනගේ සටහනකට අනුව. 
  • Ayilas A ලියන සැමරුම් බ්ලොග් එකේ, ඡායාරූපකරණය ඉගෙන ගන්න අයට බොහොම වැදගත් කරුණු තියනවා.
  • ආ.. මම විචාරක කියලා නම වෙනස් කරගන්නෙ නෑ.. දැනටමත් එකෙක් ඉන්න නිසා.

117 comments:

  1. තිසරු මධ්‍යස්ථ විචාරකයෙක් හැටියට ලස්සන කමෙන්ට් බර ගානක් ලියනවා දැකලා තියනවා. ඔයාගේ පෝස්ට් එකකට කමෙන්ට් කරන පලවෙනි වතාව මගේ හිතේ.:)

    පින්තූරු ටික ඔක්කොම ලස්සනයි. 10 එක හරිම ලස්සනයි හොඳේ. ඒ මගේ නම....:D

    ඉතින් අර කීවා වගේ පහල ලිස්ට් එක දැම්ම එකත් හොඳයිලු.

    ReplyDelete
    Replies
    1. oops...නමය නමය. දහය නෙමේ....අර නිල් නෙලුම් මල් ...:)

      Delete
    2. හික් හික්, මාත් දීපට කිව්වා මේ යෝදිගෙ නම චන්දවතී වෙන්න ඇති කියලා. මොකද අරක තීයෙන්නෙ හඳනෙ.:D

      Delete
    3. සොරි, චන්ද්‍රවතී මැණිකේ.

      Delete
    4. @Podi Kumarihami
      පොඩි කුමාරිහාමිව සාදරයෙන් පිළිගන්නවා... මාත් බැලුවා #10 කොහොමද නමක් වෙන්නේ කියලා. හැබැ‍යි නෙළුම් කියන්නෙ පොඩ්ඩක් වෙනස් මලක්. මේක මානෙල්. නමක් හැටියට නම් ඔය දෙකම ලස්සනයි.

      Delete
    5. @Dude

      හෙහ් හෙහ්... 'බෙන්තොට' කෑල්ල එන්නෙ මුලටලු.

      "බෙන්තොට වලව්ව ආරච්චිලාගේ චන්ද්‍රාවතී මැණිකේ"...

      Delete
    6. උඹයි මායි හවුලේ ගුටිකයි වගේ මේ කාන්තා දිනයෙ! :D

      Delete
    7. //මේක මානෙල්.// ඒ ඕලු නෙවෙයි ද.. මට මතක විදිහට මානෙල් කොලේ වටේට දැති වගෙ තියනව. ඔය තියන වර්ගයේ පැලයක් මාත් හිටවගෙන හිටිය ඉස්කෝලෙ යන කාලෙ.

      Delete
  2. ෆොටෝ ටික නම් ටොප් ! කියවලා රස විඳිනවා මිසක් විචාරය කිරීමේ කලාව මම නම් නොදනිමි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියෙ.. ඕකට කිසිම කලාවක් නෑ... එක්කො මුරුංගා අත්තෙ තියන්න ඕනෙ.. නැත්තං පලු යන්න බනින්න ඕනේ.. ඕච්චරයි.

      Delete
    2. වැඩල්ලෑ වැඩල්ලෑ! යකෝ අඩු ගානෙ අර දෙඤ්ඤං බැටේ විචාරය වත් ඉගෙන ගන්න ඕනෙ වෙනියෝ!

      Delete
  3. කොපි කරලා.. හොරා... හි හි....

    අර 2012 කියලා තියෙන එක ඇත්තටම ගත්ත ෆොටෝ එකක්ද.. මං හිතුවේ ෆොටෝ ෂොප් වැඩකෑල්ලක් කියලා.. අනේ අර බලු රාළ නම් ෂෝක් අප්පා.. එයාලා කො‌ෙහාමත් හිනාවෙන්නේ නෑ.. හිනා උනත් පේන්නෙත් නෑ.. හි හි

    ෆොටෝ ටික ගැන කුමක් කියන්නද මං... ඔය හොම්බ දිග කැමරාවේ අයිතිකාරයා මට කලින් අවිත් කියලා තියෙන්නේ.. හි හි

    ReplyDelete
    Replies
    1. මේ කොපි කරලා කියන්නෙ අයිඩියා එක වෙන්ටැ? නැත්නම් මේ ඔක්කොම මංතුමාගෙ ඡායාරූප.

      බලුරාළ මගෙ යාලුවෙක්ගෙ ගෙදර හිටියෙ...

      2012 ගත්තෙ ෂටර් ස්පීඩ් අඩු කරලා කලුවරේ... ළමයි ටිකට සෑහෙන වදයක් දීලා. ඔය හැම ඉලක්කමක් පිටිපස්සෙම ළමයෙක්ගෙ ඡායාවක් පේන්නෙ. අතේ තියන නිලා කූර ඉලක්කමේ හැඩේට යවන එක තමයි උන් කලේ. ෆොටෝ 50 විතර ගන්න ඇති මේකට කලින්. එක්කෝ මම පරක්කුයි, එක්කෝ ළමයි පරක්කුයි, නැත්නම් ඉලක්කම හරියට ඇඳිලා නෑ... ඔය අස්සෙ නිලා කූර ඉවර වෙනවා. 2011 මේ වගේම එකක් ගන්න ගිහින් අල්ලලා දැම්මා. 2013 මට සනීප නැතුව හිටියේ...

      Delete
  4. 1.කියන්න තරං වරදක් නෑ.
    2.දවාලක ගත්තනං හරියටම බලාගන්න තිබුන.
    3.2ට කිව්ව ටිකම තමයි.
    5.හිනාවෙන බල්ලෙක් හොයාගන්න ඔච්චර අමාරුද?
    7.ඔව් ඉතිං අපිට පේනවනේ
    8.කිට්ටුවක වෙන සතෙක් හිටියෙම නැද්ද?
    9.දන්නව.
    10.ඒරොප්පෙටත් ඔය හඳම තමයි.
    11.මං හිතුව

    -මධ්‍යස්ථ විචාරකයෙක්!

    ReplyDelete
    Replies
    1. අඩේ මධ්‍යස්ථ විචාරකයෙක්ව ඔන්න දැනගන්න ලැබුනමයි. උඹේ අලුත් පොටෝ එක දැක්කහම කාවදෝ මතක් වෙනව බං... මතක් උනාම කියන්නංකෝ...

      නියම මධ්‍යස්ථ විචාරේ.... ඉර බැහැගෙන යන එක (#3) දවල් ගත්ත නම් මීට වඩා එළියයි නේද? :D

      Delete
  5. ඔක්කොම පින්තූර ටික හරිම ලස්සනයි තිසර. අර හයවෙනියට දාල තියෙන පින්තූරය නම් පුදුම විදිහට හිත ගත්තා. මීට කලින් ඒවගේ දෙයක් දැකල තිබ්බෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Chams, ඒක ගත්තේ කෑගල්ලෙදි. යාළුවෙක්ගෙ ගෙදරක ඔය ඇන්තූරියම් මල තිබ්බේ. පොඩි ළමයෙක්ගෙ අතක් වගේමයි. ඒක අතින් අල්ලුවහම හරි අමුතුයි... මට නිකං හිතුනෙම උදව් ඉල්ලනවා වගේ කියලා. මේක අටපට්ටම වැඩ සටහනටත් යැව්වා කියලා කිව්වා. ගත්තේ 2004 වගේ කාලේ.

      Delete
  6. හෙ හෙ හොද විචාරකයෙක්නේ...හොද දේවල් බලලා තමනුත් ඒවා කොරන එක..මං කිව්වේ ෆොටෝ දාලා පෝස්ට් එකක් ගොඩ දා ගැනීම ගැන...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ විචාරකයෙක් වීමේ වැදගත්කම. අදහස් ප්‍රකාශ කරනව වගේම අදහස් ණයට ගන්න, හොරකම් කරන්නත් පුලුවන් :D

      Delete
  7. ධනපති පංතියේ කැමරා ඇඩ් එක හෙළා දකිමි. ඡායාරූප වල අග්‍රග්‍රන්‍යය භාව ප්‍රකාශණයට ඒ මගින් සිදුකර ඇති අසාධාරණය අති මහත්ය - රැඩිකල් විචාරකයෙක් (විහිළු මෙයා)

    ReplyDelete
    Replies
    1. විහිලුවක් කලාම ඒක වරහන් ඇතුලේ දාන්න වෙන එක මාර විහිළුවක් බං.., ඒත් දැන් කාලේ හැටියට එහෙම දාන එක හොඳා නේද.. ඒකනේ මං කිව්වේ මේ කාලේ සුනේත්‍රා කියලා... ('සුනේත්‍රා නොහොත් අවිචාර සමය' පොත මතක ඇතිනේ)

      Delete
    2. ඇති යංතං. උඹට තේරුණා. ඔහොම දාලත් ගුටි කන අවස්ථා තියනවනේ බං.

      Delete
  8. නියම පින්තුර ටික . 2012 නම් හරි පුදුමයිනේ .

    ඇත්තටම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Bindi,
      ඕක ගත්ත හැටි ඔන්න මම හිරුට උඩ පැහැදිලි කලා. ෂටර් ස්පීඩ් එක අඩු කරලා අඩු ආලෝකයේ තමයි ගත්තේ.

      Delete
  9. මුලින්ම පාඨකයා රස විදින්නා විග්‍රහායකයා විචාරකයා අවසන නිර්මාපකයා බිහිවෙනවා. විචාරය යනු කෘතියක් රස විදින්නට දෙන උත්තේජයකි. එක් කෘතියක අරබයා ඇති මානයක් විචාරයකින් නිර්වචනය වේ.

    ReplyDelete
    Replies
    1. //මුලින්ම පාඨකයා රස විදින්නා විග්‍රහායකයා විචාරකයා අවසන නිර්මාපකයා බිහිවෙනවා//

      මේ තියෙන්නේ නියම පැහැදිලි කිරීම... මට හිතෙන්නේ මාත් ගියේ ඔය පාරේ තමයි.

      Delete
  10. අපරාදේ විචාරක කෙනෙක් උන්නේ..නැත්තම් තිසරට ඒ තැන ගන්න තිබුනනේ..තිසරගෙ අපූරු විචාරයක් මම අදත් දැක්කා..

    පින්තූර ටික නම් නියමයි. රෝස පොහොට්ටුවටත් අර අන්තීමට තියෙන එකටත් මම හරිම කැමතියි. 2012 ගත්තෙ කොහොමද අප්පා..ඒක ගන්න දුක් විඳපු බව අපිටත් හිතා ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. අපූරු විචාරයක්.. හප්පේ ඒ කොහෙද? හැබැයි යන යන තැන විකාර... නෑ මේ විචාර තමයි කරන්නේ.

      රෝස පොහොට්ටුව මගෙත් ප්‍රියතම එකක්. 2012 ගැන ඔන්න මම උඩ හිරුට විස්තරේ කියලා තියනවා.

      Delete
  11. ඇයි බන් තිසා මේකට "චාරයක් නැති ඡායාරූප" කියල දැම්මේ. කොච්චර ලස්සන පින්තුර සෙට් එකක්ද ඈ..

    හොඳ ෆොටෝ එකක් ගන්න හොඳ කමරාවක්ම ඕනේ නෑ කියලා අයිලාස් අයියා කිව්වා මතකයිනේ..ඕනේ හොඳ ඇහැක්

    ReplyDelete
    Replies
    1. ඕ බං FinePix කියන්නෙ Optical Zoom හොඳට තියන Compact Digital Camera වලින් ලාබම වර්ගයේ බ්‍රැන්ඩ් එකක්. සෑහෙන ගේමක් දෙන්න පුළුවන්. ඊට පස්සෙ අපි ගොඩක් details වලට ගියහම, මේක පොඩ්ඩක් මදි වෙනවා. ඒත් පටන් ගන්න කෙනෙකුට නම් කියාපු කැමරාවක්. මේ බ්‍රෑන්ඩ් එකේ අලුත් versions දැන් තියනව 30x optical zoom එක්ක.

      Delete
  12. යකෝ දැන් ඔක්කොම පොටෝ පිස්සොනේ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ... උඹත් එක ගොයියෙක් තමා මට මේ අදහස දීපු... උඹේ අම්බලං පාළු ට්‍රිප් වලින්. මගේ ඊලඟ පෝස්ට් එක සිතියම් ගැන.

      Delete
  13. ෆෝටෝස් ටික ගැන නම් කියන්න වචන නෑ තිසර. මම ආසම උඩම තියෙන නිලා කූරු වලින් 2012 ලියපු එක. ඒක ගන්න කාපු කට්ට මට හිතා ගත්තෑකි. මමත් ඔහොම එකක් අරන් තියෙනවා වෙසක් දාක රෑක 2007 අවුරුද්දේ.

    ReplyDelete
    Replies
    1. උඹ වචන නෑ කියනවා, ඒ උනාට කියමනට කියන්නේ එක ෆොටෝ එකක් වචන 1000 වටිනවා කියල. එහෙම කියලා මෙතන වචන 17000 ලියන්නද නේද?

      උඹේ අර අමුතු අමුතු දේවල් පොටෝ අරං තිබ්බ ඒවාත් මේ පෝස්ට් එකට බලපාන්න ඇති.... කෝ ඒ පොටෝ එක කොහෙ හරි දාලා තියනවද? උඹ නිතර පොටෝ ගන්න පොරක් නම් Flickr එකක් හදා ගනින්. උඹේ බ්ලොගේ My Photography කියලා තියන page එකේ කවුදෝ කලුම කලු පොරකගේ පොටෝ එකක් තියනවා එච්චරයි... ඒකට තව ටිකක් add කරපං...

      Delete
  14. තිසර හැමදාමත් ලියන්න ඕන.එයින් ඵලක් ඇත.ඒක මම හොඳකාරවම දන්න කරුණකි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයනි... මගේ බ්ලොගේ කොහොම වෙතත් රවුමේ ගිහින් ලියන එක නම් ඉතිං කරගෙන යාවි..

      Delete
  15. පින්තූර ටික ඔක්කොම් හොඳයි. ඇන්තූරියම් මලක් වගේ තියන එකටයි "නිසල විල" පින්තුරෙටයි මං වැඩිය කැමති. පළමුවෙනි පින්තූරේ ගන්න කාපු කට්ට හිතා ගන්න පුළුවන්. ලින්කුවට ස්තුතියි තිසර..! :)

    ReplyDelete
    Replies
    1. පින්තූර වලට බෝඩර් එකක් වැටුනාම පොඩි එළියක් එනවා. හැම එකමට නොවුනත් බොහෝ ඒවට. සුදු බැක්ග්‍රවුන්ඩ් එකේ ෆොටෝස් දැම්මහම සමහර වෙලාවට හයිලයිට් වෙනවා මදි. මට මතක් උනා චන්දනගේ බ්ලොගේ බෝඩර් ගැන විස්තරයක් තිබ්බා කියලා... ඒකෙන් CSS එකට add කරලා තමයි කලු පාට බෝඩරේ දැම්මේ.

      අරක ඇන්තූරියම් තමයි. මොකක් හරි හේතුවකින් මැද තියන කොටස අතක් වගේ හැදිලා. ඒක නම් හරිම සැබෑ ගතියක් තිබ්බේ. මෙන්න මේකයි නිසල විල. පළවෙනි එක ගැන මම උඩින් විස්තර කරල තියනවා.

      Delete
  16. පින්තුර ටිකනම් කියලා වැඩක් නැහැ. මරේ මරු. නිසල විල ගාව ගෙයක් හදාගන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි. මෙන්න මෙතන තමයි නිසල විල තියෙන්නේ. ඉඩම් එහෙමත් සෑහෙන්න විකුණන්න තියනවා ඒ පැත්තේ. අරං දාන්න ඉඩමක්.... දැනට :D

      Delete
  17. තිසර හැමදාම මට ඔයාගේ කමෙන්ට් කියවද්දී ඇත්තටම මධ්‍යස්ත
    භාවය කියන දේ දැනෙනවා.

    { [ වර්තමානයේ ඒක වැඩි.මුල්ම දිනවල
    නම් ටිකක් නෝක්කාඩු ස්වරූපය තිබ්බා .ඒත් අරහෙම වෙන්න ඕනේ
    , මෙහෙම වෙන්න ඕනේ කියල දේකුත් නැහැනේ..ඒක ඉතින් විචාරෙටත්
    පොදුයි ඔතොකොට.හැබැයි විචාරය ද්වේශයෙන් වෙද්දී ඒක විචාරයක්
    වෙන්නේ නැහැ.එතැනදී විචාරය නිර්වස්තර වෙනවා .. ]

    [අනිත් දේ විචාරයක් ( අදහසක් නෙවේ ) ඉදිරිපත් කල යුතුමයි කියල හිතල
    දෙයක් කියද්දීත් "විචාරය " කියන දේ වෙනවා අඩුයි..

    (මන් මේ දේ කිව්වේ අපි දෙදෙනා අතර වුණ දෙයක් ගැන එහෙම නෙවේ
    හොදද ? මොකද ඒක ගැන දීර්ග පැහැදිළි කිරීමක් මන් කලා.)

    ( අනිත් දේ ඔබේ වෙනසක් පේනවා මට, ස්වයන් හික්මීමක් :D වගේ දෙයක් .)

    මන් ඒකට කැමතියි.ඔබේ කමෙන්ට් මන් ආසාවෙන් බලනවා ( අදහස් ) නොගැලපෙන
    තැන් තිබ්බත් .පහු ගිය කාලේ නම් එකෙම්ම අදහස් ගැලපුනේ නැහැ.hiks
    ඒත් තිසරගේ භාෂා පරිහරණ ස්වරූපයට කැමතියි මන්.
    ඒකමයි දවසක් මන් කිව්වේ script writing වලට ඔබ විශිෂ්ඨයි කියල..
    මෙතන උනත් ගොඩක් දෙනෙක් ඒක ගැන කියල තියෙනවා .
    කොච්චර කිව්වත් වැඩක් නැහැ , ලියන්නේ නැහැනේ..:(


    චායාරූප ටික ගැන

    ඉස්සෙල්ලම 2012 පින්තූරේ ගැන කියල වැඩක් නැහැ..
    ඔකේ වීඩියෝ එකත් ගත්ත නම් ( පින්තූර ගන්න වුන මහන්සිය )
    සෑහෙන්න වටිනාකමක් තියෙනවා..එහෙනම් ඇස් අදහාගන්න බැරි
    වෙනවා අපිටත්.අනිත් එක filming ගැන දන්න අයට තමා හොදටම
    බරපතල කම තේරෙන්නේ ..ඒක නම් විශිෂ්ඨයි.

    අනිත් පින්තූර ටිකත් තිසර හිතන පතන විදිහ දන්න නිසා සෑහෙන්න
    දැනෙනවා.ඔයා දකින්න ඇතිනේ අයිලෂ් අයියගේ ළූණු ගෙඩියේ
    පික් එක ? දැන් ඒකෙ අපි ගැඹුර දකින්නේ අයිලෂ් අයියා අදහස්
    කරන දේ අපිට දැනෙන නිසා..

    නැත්නම් කඩේක ළූණු මල්ලක් film කරත් අපිට දැනෙන්න එපැයි ..

    අන්න ඒ වගේ ගැඹුරු හිතකින් එන නිර්මාණ වල කිමිදෙන්න පුළුවන්
    තිසර..

    මතක ඇතිනේ මන් ඔබ ගැන ඔබට කිව්වා මේ විදිහටම (කෙටි චිත්‍රපට )
    තැනකදී..මා ඔබව කියවා අවසන් තිසර..ඔබ තුල ඉන්නා පුද්ගලයා
    මා දුටුවා.( ඒ වෙද්දී ඔයා මෙහෙම එළිපිට filming ගැන වචනයක් වත්
    කියලවත් තිබ්බේ නැහැ ) ඒ කෙනාව එළියට අරන් දෙයක් කරන්න ..මතක තියාගන්න
    අපිට වැඩි කල් නැහැ...


    ( වරහන් තුල වැඩි කරුණු ප්‍රමාණයක් අන්තර්ගත වීමට හේතුව ඔබම Petrige
    කමෙන්ට් එකට ඇතුලත් කර ඇති නිසා මෙසේ තිත තබමි .)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහන්. ඔව්.. ආපු මුල් කාලයේ වැඩිපුරත්, දැනටත් මගේ වැරදි තියනවා. සමහර වෙලාවට හැඟීම් වලට යට වෙන වෙලාවල් තියනවා. නමුත්, ඇත්තටම දැනෙන දේ කියන්න මම උත්සහ ගන්නවා. ඒ අවංක බව කියවන්නාට තේරුම් යන විදිහට ලියන එක තමා අභියෝගය. විහිලුවට වගේ කිව්වට, මම වැඩියෙන් කැමති අනිත් අයගේ බ්ලොග් බලලා කොමෙන්ට් කරන්න. එහෙම අයත් ඕනෙනේ.

      මම ලියන බොහෝ දේ ගැන මට සෑහීමක් නැහැ. ගොඩක් අය හොඳයි කිව්වත් තමන්ගේ හිතට එකඟව තමන්ට ඒක දැනෙන්නේ නැත්නම් ඒක පිළිගන්න බැහැ. මම දේවල් ලියන එක අඩුවෙන්න ඒකත් බලපානවා ඇති.

      අනිත් දේවල් සම්බන්ධයෙන් නම් වෙලාව තමයි ප්‍රශ්නේ. ගොඩක් දේවල් කරන්න කැමැත්ත තියනවා. නමුත් ඒ එක්කම අපේ ජීවන රටාව ඇතුලේ, බිරිඳට, ළමයින්ට අසාධාරණයක් නොකරන්නත් වගකීමක් අපිට තියනවානෙ.

      Delete
  18. මංනම් ආසම අන්තිම ෆොටෝ එකට " දැකුලු මල් " :)

    එතකොට අර නමක් නොදන්නා මල් වගයක් තියෙන්නේ ඒකේ කෘතිම මල් වගයක් මාලඟ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෝන්යා,
      මමත් ඔය රූපය දැක්ක ගමන් ආස උනා. ෆොටෝස් කීපයක්ම ගත්තා එක එක ඈන්ගල්ස් වලට. මේක තමයි ලස්සනයි කියලා හිතුනේ.

      මට ඇත්තටම මතකත් නැහැ ඒ මල් ෆොටෝ ගත්තෙ කොහෙදිද කියලා. නම හොයාගන්න ටිකක් අපහසු උනත් බැරිවෙන එකක් නෑ.

      Delete
  19. ලින්කුවක් දැම්මට ස්තුතියි තිසර. සහන මල්ලිටත් ස්තුති කරන්න ඕනේ.

    2012 ෆොටෝ එක එල...

    අනිත් ඒවත් ගොඩක් හොඳයි තිසර.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Ayilas, සහන මල්ලිටත් ස්තූතියි කියන්නකෝ. 2012 ඔහොම ආවට පස්සෙ මටත් හරි සතුටක් ආවා.. විනාඩි 20, 30 උත්සාහය සාර්ථක උනා කියලා.

      Delete
  20. තිසර අයිය කාලෙකට පස්සෙ වෙළට බැහැල තියෙන්නෙ...
    මට එකක් කියල නම් කරන්ඩ නං බෑ.. මං සේරෝටම කැමතියි...
    හැබැයි මං නං කැමතියි අයිය කමෙන්ට් කරන ගමන් බ්ලොග් එකටත් ලියනව නං..
    අයියගෙ සටහන්වල කියවන්ඩ ආස හිතෙන අමුතු ගතියක් තියෙනව.. උපහාසය සියුම්ව මුසු වෙලා, ඒ එක්ක හාස්‍යයත් එකතු කරල, ඒකට යටින් දුවන, අයියට ඇත්තටම කියන්ඩ ඕනෙ කතන්දරේට හානි නොවෙන්ඩ ඒව පාවිච්චි කරන හැටි නියමයි!!
    ආයෙ මුරුංග අතුවල තියන්ඩ දෙයක් නෑ අයියෙ.. කියන්ඩ ඕනෙ දේ ඕං කිව්ව..
    දැංවත් ලියපං මොනව හරි.

    ReplyDelete
    Replies
    1. නගේ ඔහොම කියනකොට, දත කාගෙන ලියාගෙන ලියාගෙන යන්න හිතෙනවා, ඇත්තමයි. ඒත් ඉස්සරහ කාලෙත් වැඩ වැඩි වෙන කලර් එකක් තියෙන්නෙ... එක නෙමේ.. මට ඔහොම කිව්වට නගා දැන් අන්තිම එක ලියලත් මාසයක් පැන්න :D

      Delete
  21. පින්තූර ටික නම් ඇත්තටම හරිම ලස්සනයි...
    අර 2012 පට්ට ඈ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ සමනළී.... වෙච්ච මහන්සියට පාඩු නෑ...

      Delete
  22. පින්තූරු නං නියමයි. මමත් උඹේ බලගේ ලියන කියන ඒවා ගැන නොතැවෙන්නේ උඹ අපි ලියන ඕනම දේකට ටිප්ටොප් එකට ප්‍රතිචාර දක්වන හින්දා. මම හැම තැනම උඹ ඒක කරනව දැකල තියෙන හින්දා උඹ බලගයක් ලියනවද කියලවත් අහන්න හිතෙන්නේ නෑ.. ඒ තරං උඹේ ප්‍රතිචාර වටිනවා. මම බැලුවෙ ඔය ඔක්කෝම පොටෝ ගැහුවට එකකවත් මම නෑ නේ බොල.. ජය.. උඹ විචාරකයෙක් වෙන එක හොදා. දැං ඇනෝ දේශකයෝ ඇවිල්ල මම නැති දවස් වල මගේ බලගේ බලාගන්න එකේ.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹේ පැත්තටත් ඇවිත්ද? ඇවිත් බලන්නම්කෝ අලුත්ම තත්වේ... ඔව් බං මාත් කැමතියි ඔය වෙන කාගෙ හරි ලියවිල්ලක් ගැන අදහසක් දෙකක් කියලා පාඩුවේ ඉන්න... හිතලා වැඩ කරන එක කම්මැලියි බං..

      Delete
  23. මේ පින්තූර ටික ඔක්කොම හරිම ලස්සනයි... ඒත් වඩාත්ම හිත ගියේ අර අතක් වගේ තියෙන ඇන්තූරියම් මලට... ඒක හරිම අමුතුයි...

    ReplyDelete
    Replies
    1. ඒක හරිම අමුතුයි තමයි. සාමාන්‍යයෙන් තනි කූරක් වගේනෙ ඕක තියෙන්නේ, මෙක නම් අතක් වගේමයි. හරියටම පොඩි දරුවෙක්ගෙ අතක් වගේ.

      Delete
  24. අඩේ මේ ඔක්කෝම උඹ ගත්තු පින්තූරද . .
    පිස්සු හැදෙනවනේ.
    පට්ට ලස්සනයි බන් . . සිරාවටම . .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා.. ඇත්තටම මම කල්පනා කරල බැලුවහම, මෙතන මම නොගත්ත එක පින්තූරයක් තියනවා. දළඳා මාළිගාවේ (#11) එක ගත්තේ ටයිමර් එක සෙට් කරලා, පාරෙ අයිනේ බංකුවක් බින් එකක් උඩින් තියලා. අතේ තියාගෙන රෑ ගන්න ෆොටෝ හෙලවෙන නිසා එහෙම කලේ.. ඒක සෙට් කලෙත් මගෙ යාලුවෙක්. එහෙම බැලුවහම ඒක මගෙ නෙමෙයි :D

      Delete
  25. අදයි රඟහලට ආවේ..

    ඡායාරූපකරණයට දක්ෂයෙක් වගෙ.. ෆොටෝ ටික මාරම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිශි, සාදරයෙන් පිළිගන්නවා. පිළිතුරු දෙන්න පමාවුනාට සමාවෙන්න ඕනේ.

      Delete
  26. බෙන්තොට හඳ තමයි මට හොඳම එක.
    ඔබටත් පවුලේ සැමටත් ශුභ සිංහල නව වසරක් පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. එසේම වේවා දයල්...

      Delete
  27. තිසර ඇතුළු පවුලේ සියලු දෙනාටම වාසනාවන්ත
    නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා සහන්!!!

      Delete
  28. තිසරට සහ පවුලේ සැමට ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  29. අහම්බෙන් වෙන ලින්ක් එකකින් ආපු නිසා මම පරක්කුයි.පොටෝ නම් හරිම ලස්සනයි. හරියට පොටෝ ගන්න බැරි වුනත් මාත් පොටෝ රස විඳින්න ගොඩක් ආසයි. 3,9,14,16,17 ඒ සේරටම ආසයි. නිසල විල හරියට නැෂනල් ජිඕග්‍රපි එකේ වගේ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා "නිල් මානෙල්". මමත් මුලින්ම රස විඳින්න පටන් අරං තමයි පස්සේ ඡායාරූප ගන්න පෙළඹුනේ. මමත් තවම මේ ගැන හොය හොය ඉගෙන ගන්නවා. නිසලවිල ගැන මම උඩ සයුරිට දීපු උත්තරේ සඳහන් වෙලා (ලින්ක්) තියනවා.

      Delete
  30. ෆොටෝවල චාරයක් නෑ කියුවාට පෙනෙන්න අවුලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. :)... ඒකත් එහෙමද? නිර්මලාගෙ ලිපියක් දැක්කෙ නෑ කාලෙකින්.

      Delete
  31. පින්තූර ටික මාරම මාරයි. ඒ ගැන කියන්න වචන හොයන්න ටික වෙලාවක් යනවා. මම අදමයි ආවෙ. ඒ නිසා මම වචන ගැන මහන්සි නොවී අනිත් පෝස්ට් ටික බලන්න යනවා. දිගටම ඔහොම යන්. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩ්‍රැකී... තවත් පෝස්ට් කීපයකම කොමෙන්ට් කරලා තිබ්බා මම දැක්කා. මටත් දැන් මගේ බ්ලොග් එකක් තියනවා කියලා නිච්චියක් නෑ.. එන්නෙත් ඉඳහිට... මොනව හරි ලියන්න ඕනෙ ඉක්මනට..

      Delete
  32. අර අන්තිම පින්තූරෙ නම් හරි ලස්සනයි.ඔක්කොම පින්තූර ලස්සනයි.
    ඒත් ඒකෙ අමුතු ලස්සනක් තියෙනව

    ReplyDelete
    Replies
    1. ඒක තහඩු වලින් හදපු පිළිමයක් සසිනි. නමුත් හරිම සජීවී බවක් තියනවා, ඒ එක්කම මකුළු දැළ නිසා ඒක පිළිමයක් බවත් හැඟෙනවා... ස්තූතියි අදහසට..

      Delete
  33. ඇත්තටම අන්තිම චායාරුපේ මොකක්ද ? (පිළිමයක් වගේ :P )

    ReplyDelete
    Replies
    1. ඒක තහඩු වලින් හදපු පිළිමයක්... මොහොම සජීවී විදිහට හදලා තිබ්බා... මේ පැත්තේ ආවට ස්තූතියි කසුන්.

      Delete
  34. හැබැයි තිසර අනිත් බ්ලොග්වල ලියන දේවල් ඒ ලියන අයට ලොකු උදව්වක් හා දිරිගැන්වීමක්.
    ඒ මහන්සියට මගේ ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. අනිල් කාලෙකට පස්සෙ ආපහු ඇවිත් ඉන්නේ... මම දැක්කා අලුත් පෝස්ට් එකක්.. ඉඩක් ලැබුණු විගස බලන්නම්..

      Delete
  35. අතිවිශිෂ්ඨ පින්තුර එකතුවක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උපේක්ෂා...

      Delete
  36. තිසර
    අස්වැන්නට කිපවිටක්ම ආව ගිය කෙනෙක්. ඒත් මට අදයි පුංචි විවේකයක් ලැබුනෝ බ්ලොග් ලෝකේ ඇවිදින්න.

    කැමරාව කියන්නෙත් එක්තරා කලාවක්.
    දැන් දිගටම එන්නම්

    ReplyDelete
    Replies
    1. මාස හයකටත් කලින් දාපු කොමෙන්ට් එකකට පිළිතුරක් වත් දීලා නැති එක ගැන සමාවෙන්න. මගේ බ්ලොග් එකට මම ආවෙත් සෑහෙන කාලෙකින් :)

      Delete
  37. http://muthunayake.blogspot.com/2013/08/blog-post_6.html

    අරුණි ගේ බොලොග් එකේ කොකා කොලා වලට එරෙහි සටහන් කරන කොමෙන්‍ටු , අරුනි දිගටම මකන නිසා මේ ආකාරයට මගේ කමෙන්ට ලබාදෙමි. පාඨකයන්ගේ
    කොමෙන්‍ටු බලා පිලිතුරු දීමට පුලුවන් ඒවා පමනක් අනුමත කරන ක්‍රමවේදයත් හොද ක්‍රමයක් තමා බලාගන යනකොට. ප්‍රජාත්තන්ත්‍ර වාදය ආණ්ඩු විතරක් පිලිපැද්දට මදි. ස්පැම් නම් වලක්වන ක්‍රම ඔනිතරම් තියෙන්නේ ඒකාධිපති බල තල පාවිචිචි නොකර

    ReplyDelete
  38. තිසර මං වගේමයි බ්ලොගට දිනපතා ලිපි ලියනවා වගේ එහෙනං.

    ReplyDelete
  39. එල.මාත් රගපාන්න කැමති නිසා මේ පැත්තේ දැන් දිගටම එනවා ඔන්න..අපේ පැත්තෙත් ඇවිත් යන්න...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  40. අනේ ඔයා මගේ "උණ" වැඩිකලා....

    ගොඩක්ම ගොඩක්ම ගොඩක්ම ලස්සනයි තිසර ඇත්තමයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි.. දැන් නවකතාමයි ලියන්නේ නේද?

      Delete
  41. මටත් ආයේ ආස හිතුණා ෆොටෝ ටිකක් ගන්න

    ReplyDelete
    Replies
    1. එහෙනං තිඹිරිගෙය වගේ, එකක් පටන් ගන්න ෆොටෝස් වලට.. 'ඩාර්ක් රූම්'?

      Delete
  42. ඔයා ලියන්නේ නැද්ද අයියේ .. ෆොටෝ ටිකක් දාන්නකෝ දැන් මාස 10 ක් නේ :(

    ReplyDelete
    Replies
    1. මොනවා හරි ලියන්න ඕනේ කියලා හිතෙනවා, මොනවද ලියන්නේ කියලා හිතෙන්නෙ නෑනේ.

      Delete
  43. තිසර පානදුරේ ද? එහෙම නං, ඒ අපේ ඒරියල් එක :)

    එහෙම කිව්වට , ඒ අවුරුදු බර ගානකට ඉස්සර, දැන් නං සුදුද, කලුද කියලවත් දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මම 2005-2006 පානදුරේ හිටියා. ඒ කාලෙත් එච්චර සුදක් නම් තිබ්බේ නෑ.

      Delete
    2. පාණදුරේ මඩ පාටයි, වැඩට යන කොච්චිය දුම් පාටයි හැබැයි ඒ කාලේ වෛවර්ණයි.....තිසරගේ හොඳම පින්තූර මෙතන නෑ..ඒවා හංගලද ??

      Delete
    3. හොරෙන් කසාද බැඳපු ජෝඩුවකගේ පින්තූර වගයක් තියනවා.. ඒවා ගැනද මේ කියන්නේ? :)

      Delete
  44. ඔබගේ ඡායාරෑප උසස් ඝනයේය. ජයම වේවා! නැවත පැමිනෙමි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන... චන්දනගේ කවි මම කියවලා තියනවා. හැබැ‍යි කොමෙන්ට් කලාද කියලා මතකයක් නෑ.

      Delete
  45. පින්තූර ටිකනම් පංකාදුයි තිසර... මට නම් වැඩි දැනුමක් නෑ ජායාරූප සම්බන්දයෙන්. 2012 නම් ඉතාම අපූරු නිර්මාණයක්. අපිත් අනිත්කොණේ මහ රෝහල් බිල්ඩිමේ මුදුනට නැගලා රෑට..A9 එකේ යන වාහන එළි වලින් ඔහොම ජායා රූප ගත්තා මතක් වුනා... ජායා රූප ටිකනම් අනර්ඝයි. නොදන්නා කම නිසා මේ පැත්තට එන්න බැරි උනේ.. දැන් දැන් බ්ලොග් ලෝකයේ බොහෝ බ්ලොග් සහ ලියන්නන් හඳුනගනිමින් ඉන්නේ...ස්තූතියි ඔබේ මේ පිටුවට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අනිත් කොණ. රාත්‍රී කාලයේ පාරවල් වල යන වාහන ඒ ආකාරයෙන් ෆොටෝ ගත්තහම වාහනේ ලයිට් එළිය ඉරක් විදිහට සටහන් වෙනවා මේ වගේ. වාහනේ සටහන් වෙන්නේ නෑ. ඒකත් බොහොම ජනප්‍රිය ඡායාරූප ගන්නා ක්‍රමයක්. ඔබගේ බ්ලොගත් දැක්කේ මාතලන්ගේ සින්ඩියෙන් තමයි.

      Delete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. අපූරු පිංතූර ටික ලස්සනයි... අර වයර් එක උඩ ඉන්න කුරුල්ල නං පට්ට... මාරම ලස්සනය...
    අදයි මෙහෙ ආවෙ... ඔන්න දාගත්ත ලිස්ට් එකටත් එන්නං හැමදාම... මේ පැත්තට..
    පුලුවං කමක් තියේ නං ඇවිත් යන්න... මට ධෛර්යක් දෙන්න...
    අවන්හල

    ReplyDelete
  48. අදමයි ගොඩ උනේ..මියැසියේ රස කතා වලදි මම ඔයාගෙ කොමෙන්ට් රසිකයෙක් වෙලා හිටියෙ..මාර ලස්සනයි පින්තුර ටික.මම ආසයි අර සොයා පිළිසරණට

    ReplyDelete
  49. මට මෙහි එන්නට අවස්ථාව ලැබුණේ අහම්බයෙන් වාගේ මෙනාතරම් සුන්දර සිතිවිලි ගෙනුවක්ද ඔබේ සටහනවලින් සහ සේයා රූවලින් ඇතිවෙන්නෙ ? ඔබේ සටහන් සියල්ල කියවන්න වෙලාව සොයා ගනිමි.

    ReplyDelete
  50. උඹටත් තියෙන්නේ බං යුවරජ කෙනෙක් වෙන්න. මහ රජා ප්‍රසා නිසා.. හැක්..

    ReplyDelete
  51. වැඩක් නැති එකේ මේවට උත්තර දීපං රත්තරනේ...

    ReplyDelete
  52. කිසිත් නොලියා සිටීම දැඩි සේ හෙලා දකිමි..
    තරහම තරහයි... :(

    ReplyDelete
  53. අද තමයි මම මුලින්ම මෙහෙට ගොඩ වැදුනේ.
    හොඳයි කියන්න පුළුවන් ෆොටෝ කීපයක්ම තියෙනවා
    මගේ ගාවත් කලින් Fuji S5000 කැමරා එකක් තිබුනා. මමත් එකෙන් හොඳ ෆොටෝ කීපයක් අරගෙන තිබුනා.

    ඒ වගේම බ්ලොග් එකට ආපහු පණ දුන්නොත් මොකද. ෆොටෝ ටිකකින් හරි කමක් නැහැ

    ReplyDelete
  54. රූප ටිකනම් පංකාදු පහයි

    ReplyDelete
  55. අන්තිම පෝස්ට් එක දාල අවුරුදු 2ක්, ලියහං මොනව හරි. රඟහල කියන්නේ වහලා තියෙන එකක් නෙවෙයි...

    ReplyDelete
  56. බලලා රසවිදින්න මිසක් ඔය විචාරය කොරන්න වගේ බරපතල සබ්ජැක්ට් වලට මම වැඩිය නෑ නේ...
    හරි අපූරු පුටෝ ටික...
    නිදහසක් වෙලාවක් තිබුනොත් මගේ බොග පැත්තෙත් ඇවිත් යන්ට.....

    ReplyDelete
  57. පින්තූර ටික ලස්සනයි. විචාරක නම නම් භාවිතා කිරීම මේ දවස් වල කිරිමේල් වැඩක් මේ දවස් වල ප්‍රොෆයිල් පිරිලා. :)

    ReplyDelete
  58. ඔන්න මාත් රග පාන්න ආවා.
    පොටෝ ටික ලස්සනයි මචන්..
    ජය වේවා!!!

    ReplyDelete
  59. තිසර පින්තුර ටික ලස්සනයි... අර අන්තිම දැකුළු මල් පින්තූරයට මම ගොඩක්ම කැමතියි. ඔයාගෙ බ්ලොග් එකත් හරියට ඒ වගේ...

    මෙන්න මේකෙ මකුළු දැල් ටික කඩල හැඩ වැඩ දාලා ගන්න...

    ReplyDelete